Wednesday, March 30, 2011

කාංචනා මේ දවස්වල වැඩි සතුටකින්



ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත්ල සිනමාවේත්  ජනපි‍්‍රය තරුවක් වුණු කාංචනා මෙන්ඩිස් ගැන පසුගිය අවදියේ වැඩි කතා බහක් නැති නිහඬ චරිතයක් වූවාය.  ඇය අවුරුදු දෙකකට ආසන්න කාලයක් රංගනයෙන් ඈත් වී සිටීම එයට හේතුවයි. තවද  ඇගේ විවාහයත්ල ඉන්පසු ඈ ආදරණීය අම්මා කෙනෙක් බවට පත් වීමත් නිසාත්ල  අනිත් පැත්තෙන් ඇගේ සැමියා විවාහයෙන් මඳ කලකට පසු විදේශ ගත වීමත් එක් හේතුවක් මෙම නිහඬතාවයට හේතු විය.

මේ අතර වාරයේ දැනගන්නට ලැබුණු අලූත්ම ආරංචි නම් කාංචනාගේ ආදරණීය සැමියා රොෂාන් මෙරටට පැමිණ සිටින බවයි.

කාංචනාගේ සැමියා වූ රොෂාන් විදේශ ගත වූයේ කාංචනාට සිය පුතණුවන් ලැබෙන්න සිටි අවදියේ වන අතරල රොෂාන් හා හා පුරා  සිය පුතණුවන් සැබැහින් දකින්නේ මෙම ගමනේදීය. 



මෙම සිදුවීම කාංචනාටත් පුතණුවන්ටත් රෙෂාන්ටත් ඉතාමත් සුන්දර අවස්ථාවක් වෙනු ඇතිග මේ පිළිබඳව කාංචනා සති මැද පුවත්පතක් සමග සාකච්ඡාවක් කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

කාංචනාත් - රොෂානුත් සිය ආදරණිය කැදැල්ල තනා ගත්තේ සීදුව ප්‍රදේශයේය. එහෙත් රොෂාන් නිතරම විදේශයන්හි සේවය කිරීම නිසා කාංචනා සිය නව නිවහන කුලියට දී ඇගේ මවුපියන් සමඟ වාසයට පැමිණියාය. කාංචනාගේ ආරක්ෂාවටත් දරුවාගේ ආරක්ෂාවටත් රොෂානුත් ඊට එකඟ විය. දැන් රොෂාන් පැමිණි විට කාංචනාගේ මහ ගෙදරත්ල රොෂාන්ගේ මහ ගෙදරත් ඔවුන්ගේ නිවහන වී ඇත.

‘රොෂාන් මගේ ළඟ නැති වුණාට රොෂාන්ලාගේ අම්මාත් මගේ අම්මලත් ඉන්න නිසා මට අඩුපාඩුවක් දැනෙන්නේ නෑග ඒ අය හැමෝම මං ගැන බලනවාග දැන් නම් රොෂාන් ලංකාවට ඇවිත් ඉන්නේ. එයා මේ පාර තමයි ඉස් ඉස්සරලම පුතාව දකින්නේ. ඊට කලින් පින්තූරවලින් තමයි දැක්කේ. මුල් කාලේ නම් රොෂාන් ළඟට යන්නත් පුතා ටිකක් හුරු නැතිවෙලා හිටියේ. දැන් නම් ටික ටික හරි ගිහින්.

කාංචනා - රොෂාන් විවාහයට දැන් වසර දෙකක් පමණ ගතවෙලා. මේ දෙදෙනාගේ පුංචි පුතාට දැන් වයස අවුරුද්දයි මාස 05 යිග සෙනිත රයන් රණවක කියල තමයි පුතාට නම තියලා තිබෙන්නේ. කාංචනාට බබා ලැබුණේ අඩු මාසෙන් නිසාවෙන් හරිම පරිස්සමට තමයි බබාව තියාගත්තේ.

‘ඇත්තටම අඩු මාසෙන් ලැබුණ බබෙක් නිසා අපි හරියට පරිස්සම් කළා. අවුරුද්දක් විතර යනකම් එළියට ගත්තෙත් පරිස්සමින්ග දැන්නම් ඉතින් හොඳට දුව පැන ඇවිදලා ඉන්නවා.පුතා නිසා මගේ දින චර්යාව එහෙම පිටින්ම වෙනස් වුණා. මම සාමාන්‍යයෙන් උදේ 6 - 7 වෙනකම් නිදාගන්න ආස කෙනෙක්. ඒත් දැන් පුතා හරියටම පාන්දර 5.00 ට අවදි වෙනවා. ඒ නිසා මමත් පාන්දර 5 ට අවදි වෙනවා.

පුතා ඉපදුණ දවසේ ඉඳන්ම මම පුතාගේ වැඩ කටයුතු තනියම පුරුදු වුණා. මගේ අම්මයි අක්කයි උදව්වට හිටියට හැම තිස්සෙම මට ඕන වුණේ පුතාගේ වැඩ කටයුතු කරගන්න මටම ඉගෙන ගන්න. කොහොම කොහොමහරි ඒක මම ඉගෙන ගත්තා. අන්තිමෙ පුතාව නෑව්වේ පවා මමමයි.

කාංචනා නැවත රඟපාන්න යොමු වුණේ පුතාට අවුරුද්දක් විතර ගියාට පස්සෙ. ඉස් ඉස්සරලම කාංචනා සම්බන්ධ වුණේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ටෙලි නාට්‍යයකට. ඉන් පස්සෙ මේ දවස්වල කාංචනා සම්බන්ධ වෙලා ඉන්නේඕලු’ ටෙලි නාට්‍යයේ දෙවැනි කොටසට. ඉදිරියේදීිඕලු’ විදියට අපේ ආලින්දයට ගොඩවදින්නේ කාංචනායි.

ෂූටිං යනකොට පුතාව අරගෙන යන්න නම් මම පුරුදු කරගත්තෙ නෑ. ඒක ලොකේෂන් එකේ අයටත් කරදරයක්ල බබාටත් කරදරයක්. ඊට වැඩිය සුව පහසුවට එයා මගේ අම්මයි අක්කයි එක්ක ගෙදර ඉන්නවා. ඒ දෙන්නට පුතා හොඳට හුරුයි. කොහේ ගියත් මම හවස් වෙනකොට ගෙදර එනවා.

‘කාංචනා නිළියක් වුණාට එයාගේ මම දකින විශේෂත්වයක් තිබෙනවා. ඒ එයා සාමාන්‍ය ගැහැනියක් විදියට පොළවේ පය ගහල ජීවත් වීම. එයාගේ ඒ ගුණාංගයට මම ඇත්තටම කැමැතියි. එයා රඟපානවට මගේ කිසිම අකැමැත්තක් නෑග නමුත් රංගනය පැත්තෙන් වුණත් එයා වැඩිදුර ඉගෙන ගන්නවට මම කැමැතියි. රොෂාන් කාංචනා ගැන කිව්වේ එහෙම.

‘මම කරන වෘත්තිය ගැන වුණත් රොෂාන්ට හොඳ දැනුමක් තියෙනවා. එයා හැම මොහොතේම මට කියන්නේ රංගනය වුණත් හොඳට ඉගෙන ගන්න කියලයි. වෙලාවකට රට ඉඳගෙනත් රොෂාන් මට බලන්න කියල චිත්‍රපටි එවනවා.

පොත් පත් එවනව කියවන්න කියලා. ඇත්තටම ඒ වගේ දැනුම් තේරුම් තියන කෙනෙක් ලැබුණ එකත් මගේ ජීවිතේට ලොකු ශක්තියක්.

‘දැන් ඉතින් රොෂාන්ගේත් - මගේත් ජීවිතේ වැඩිපුර කතාබහට ලක්වෙන්නේ අපේ පුතා ගැන. රොෂාන්ටත් මටත් දෙන්නටම ඕන අපේ පුතාට හොඳට උගන්වන්න.

‘රොෂාන් පිටරට හිටියත් කාංචනා මේ ගෙදර වැඩ කටයුතුල පවුලේ කටයුතු දෙන්නා සාකච්ඡා කරගෙන තමයි කරන්නේ. මේ දෙන්නම මුදල් හරි හම්බ කළාට මේ නිවෙසේ බොහෝ දේ කළමනාකරණය වෙන්නේ කාංචනා අතින්. රොෂාන් දීර්ඝ කාලයක් පිටරටක හිටි නිසා ටිකක් විය පැහැදම් පැත්ත වැඩියි. මම නම් ඉස්සර ඉඳන්ම මම හම්බ කරපු දෙයින් ඉතිරි කරගන්නල පුරුදු වුණු කෙනෙක්. හැබැයි මම අවශ්‍ය දෙයට වියදම් නොකර හිටියෙත් නෑ.

රොෂාන් එක්ක විවාහ වෙන්න කලින් මගේ හැම දේකටම පස්සෙන් හිටියේ අම්මා. ඊට පස්සෙ විවාහයෙන් පස්සෙ රොෂාන් රට ගියා. මම හිතුවා මමත් වගකීම් අරගෙන කටයුතු කරන්න ඉගෙන ගන්න ඕන කියලා. දැන් ඉතින් මම ගෙදර උයන පිහින කටයුතුත් කරනවා. ලයිට් බිල්ල වතුර බිල් ගෙවන්න යනවා.බැංකු කටයුතුවලටත් යනවා. වෙලාවකට අක්කත් එක්ක මාර්කට් එකට ගිහින් බඩු මුට්ටුත් අරගෙන එනවා.

අපි දෙන්නට ඕන අපේ පුතත් සාමාන්‍ය කෙනෙක් විදියට හදන්න. එයා සැපටත් දුකටත් දෙකටම පුරුදු වෙන්න ඕන. රොෂානුත් හැම වෙලේම කියනවා ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්න පුරුදු වෙන්න එපා කියලා. රොෂානුත් කැමැති හරිම සරල ජීවිතයකට. එයාගේ කෑම බීමත් හරිම සරලයි. වැඩියෙන්ම කැමැති පරිප්පුයිල සම්බෝලයි කන්න තමයි.

කාංචනා - රොෂාන්ගේ කැදැල්ලෙත් අපි දැකපු සුවිශේෂත්වය තමයි ආගමික සහජීවනය. කාංචනා කතෝලික බැතිමතියක වුවත් රොෂාන් බෞද්ධාගමිකයෙක්. කාංචනා රොෂාන් එක්ක පන්සල් යනවා වගේම රොෂාන් කාංචනා එක්ක පල්ලි යනවා. පුංචි පුතාට පන්සලයි පල්ලියයි දෙකම හුරුයි. ආගම පිළිබඳ මේ දෙන්න අතර ගැටුමක් නෑ. දෙන්නට දෙන්න ආගම් දෙකටම ගරු කරනවා.