Tuesday, March 29, 2011

සජිත්ගේ තනතුර මොකද්ද?

එක්සත් ජාතික පක්ෂයේ පැවති නායකත්ව අර්බුධය පසුගිය දා විසදුනේ සජිත්ට නියෝජ්‍ය නායකත්වය ලබා දීමෙනි.

නමුත් මෙම තනතුර කටවචනයට පමණක් ලබාදීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇති තනතුරෙහි නිත්‍යානුකුලභාවය පිලිබඳ ගැටළු මතුවී තිබේ.

මෙම පත්කිරීම සිදු කල යුතුවන්නේ පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මගිනිගමෙම තත්වය නිසා දැනට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම පිළිබඳද ගැටළු මතුවී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ආසනය වෙනස් කිරීමට නම් ව්‍යවස්ථා සංශෝධනයකින් හෝ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලිපියකින් ඒ පිළිබඳව දැනුම් දිය යුතුවේගනමුත් මෙම පත්කිරීම තවමත් නිත්‍යානුකුල නොවන හෙයින් සජිත් ප්‍රේමදාස හට සිය 15 වන අසුනේම අසුන් ගැනීමට සිදුවනු ඇත.