Friday, March 25, 2011

ශේෂාද්‍රි අපායේ තප්පර දහයක් ඉඳලා

නවක නිළියක්, නිවේදිකාවක් හා නිරූපණ ශිල්පිනියක් වන ශේෂාද‍්‍රි පි‍්‍රයසාද්ගේ මංගල සිනමා පටය චැලෙන්ජර්ස් ලෙස බොහෝ විචාරකයන් හඳුන්වාදීමට උත්සාහ කළ ද ඇය මුලින්ම කැමරාවකට මුහුණදී ඇත්තේ ප‍්‍රවීන සිනමා නිළියක හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක වන මාලනී ෆොන්සේකා මහත්මියගේ දෑතේ සිට යැයි වාර්තා වේ.

ඒ ඇගේ පියා විසින් අධ්‍යක්‍ෂණය කළිඅපායේ තත්ත්පර දහයක්’ චිත‍්‍රපටයට දායක වෙමිනි.

කෙසේවුවද මෙම රංගනය තත්ත්පර දහයකට සීමාවූ බවද පැවසේ.

උදයකාන්ත වර්ණසූරියගේ අලූත්ම චිත‍්‍රපටය වන චැලෙන්ජර්ස්හි ප‍්‍රධාන චරිතයට පණ පොවන ශේෂාදි‍්‍ර මේ වන විට සිය දෙවැනි සිනමා නිර්මාණය සඳහාද එක් වී ඇතැයි වාර්තා වේ.

ශේෂාද්‍රි පි‍්‍රයසාද් ඇගේ මීළග රංගනය ඉදිරිපත් කිරීමට සැරසී සිටින්නේ ද සිය පියාගේ සිනමා පටයක් සඳහාය.

ඇයට එහි ප‍්‍රධාන නිළියගේ භූමිකාව හිමිවී ඇති අතරල එම චිත‍්‍රපටය නම් කර ඇත්තේඇද්ද ලණුව දැම්ම කොඩිය’ලෙසය.