Tuesday, April 12, 2011

සනත් කටකතා ගැන කියන කතා


සංගා අස්වුනේ ඇයි?
අරවින්ද කළේ මොකක්ද?
සෙපරේට් කියන්නෙ ඇත්තද?
සුදු ගර්ල් ෆ්‍රෙන්ඞ්ගෙ කතාව මොකක්ද?


සනත් කටකතා ගැන කතාකරයි
ලෝක කුසලානයට නොතේරුන සනත් ලෝක කුසලානයෙන් පසු කියන්නේ කුමක්ද?
පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට  පසුගිය සතියේ සමත් වුණා. 
සනතුත් මැච් බලන්න ඇති නේද? ලෝක කුසලානෙදි ලංකාවේ අය සෙල්ලම් කරපු විදිහ කොහොමද?
මේ තරගාවලියේ හැම මැච් එකක්ම මාත් බැලූව..ෆයිනල් එන්න කලින් අපි පකිස්තානෙට විතරයි පැරදිල තිබුනෙ.කොහොම වුණත් තරගාවලියෙදිම අපේ පළමු 4 දෙනා විතරයි හොඳටම බැට් කළේ.
ෆයිනල් එකට 274 කියන්නේ හොඳ ලකුණු ගාණක්. මහේලට මේකට ස්තූති වන්ත වෙන්න  ඕන.බෝල් කරද්දි ලසිත් ඉක්මණින් විකට් ගත්ත.ඩිල්ෂානුත් ගත්ත.ඒත් කුලසේකර කැච් එකක් අතෑරිය..කපුගෙදර රනවුට් මිස් කළා..පස්සේ බාධාවක් නැතිව එක එක ලකුණු ඉන්දියාව එකතු කරගන්න කොට අපේ අය මානසිකව වැටුණ.මුරලි බෝල් කරා පහුවුණ වැඩියි කියලත් මට හිතුණ..කොහොම වුණත් අපි පිට ඉඳන් කියනව වගේ නෙමේ පිටිය මැදදි තත්වය වෙනස්.
කොහොම වුණත් මේ වගේ අවස්ථාවක් ආයෙ ලේසියෙන් එන්නෙ නෑ..අපරාදෙ හොඳ අවස්ථාවක් මග ඇරුණ.

ඔබ 30 දෙනාගෙ සංචිතයෙ ඉඳල 15ට තේරුනෙ නැති වුණාම දුක් වුණාද?
ඔව් මටත් ආසාව තිබ්බ.මමත් තේරෙයි කියල හිතුව.. එත් සභාපති මේ තමයි හොඳම 15 කියල කිව්වට පස්සෙ මට මුකුත් කියන්න බෑනෙ.

15 දෙනාට තේරුනේ නැති වුණදා වාහනේ එළවද්දි මාතරදි අනතුරක් වුණාලූ නේද?
ඔව්.බීමතින් මෝටර් සයිකලයක ගිය තුන්දෙනෙක් තමයි අපව හැප්පුවේ. ඒක අපේ ගේ ළගමයි සිද්ධ වුනේ. ඒත් වාහනේ එළෙව්වෙ මම නෙමෙයි.

අහම්බෙන් හරි ඔබ අවසන් තරගෙ මෙහෙයවුව නම් කරන්නෙ මොනවගේ වෙනස්කම්ද?
මට තාම හිතාගන්න බෑ එකපාරට ෆයිනල් එකේ විතරක් 4 දෙනෙක් මාරු කළේ ඇයි කියල.මං නම්  ඕෆ් ස්පිනර්ස්ල 3 දෙනෙක් දාල ගහන්නෙ නෑ.වමතින් පන්දු දාන රංගන හේරත් වගේ කෙනෙක් යොදාගත්ත නම් වෙනසක් කරන්න තිබ්බ.ඒ කියන්නෙ තේරීම් කමිටුව කරපු දේවල්වල වැරදි තිබුණ කියලද?
මේ පරාජයත් එක්ක ජනතාව ඒ බව පිළිගන්න ඇති කියල මාත් හිතනව.කොච්චර වහන්න හැදුවත් ඒක වහන්න බෑ.

සංගක්කාර අයින් වුනේ ඇයි?
සංගා සති තුනකට කලින් අයින් වෙන බවක් කිව්වය කිව්වට ගුවන් තොටුපළට ආව වෙලාවෙවත් ඒ වගේ දෙයක් කිව්වෙ නෑ.ඒ තීරණේට හේතුව නම් හරියට දන්නෙ නෑ..කොහොම වුණත් සංගට පහසුකම් මදි වුණා වගේ හේතු කියන්නත් බෑ.මොකද මේ තරගාවලියට හැම අංශෙකින්ම කෝචර්ල ආවතේවකරුවන් හිටිය.ඩෙ‍්‍රසින් රූම් එකේ 30 ක් විතර හිටිය. එයාට නොදුන් පහසුකමක් තිබුනෙ නෑ. අස්වීම එයාගේ පුද්ගලික තීරණයක් නම් අපි ඒකට හිස නමන්න  ඕන...


 මහේලගේ ඉවත්වීම සිදුවුනේ ඇයි?
මං දන්න විදිහට මහේල උපනායකයා වුනේ ලෝක කුසලානෙය විතරයි.එයා අස්වෙන්න ලියුමක් දුන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ.

අරවින්ද ඇතුළු තේරීම් කමිටුව ගැන ඔබේ අදහස?
ඔවුන්ට මීට වඩා හොඳ කණ්ඩායමක් තෝරන්න තිබුණ.නමුත් ඒ තෝරපු 15 දෙනාගෙ කණ්ඩායමට ලංකාවම හිස නැමුව. විශේෂයෙන්ම වාස්..වාස් තමයි ලංකාවේ හොඳම තුන් ඉරියව් කැපී පෙනෙන ක‍්‍රිඩකය කියල අරවින්ද කියල තියෙද්දි තමයි 15න් අයින් කර තිබුනේ.මොනව වුණත් සමහර අවස්ථාවල පොඞ්ඩක් හරි අත්දැකීම් ඇති සාමාජිකයින් සිටීම කණ්ඩායමට හොඳයි.ඉන්දියාවෙ සචින් රිටායර් වයසෙ කෙනෙක් වුණාට එයා නිසා කණ්ඩායමට වාසියක් වුණා.ඒත් මං කියන්නෙ නෑ දුවන්න බැරි බෝලෙ අල්ලන්න බැරි අය පරණයි කියල කණ්ඩායමේ තියාගන්න  ඕන කියල.

ඔබ දේශපාලකයෙක් විදිහට වෙනස් වුනේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙ තවදුරටත් රැඳෙන්න කියල කටකතා තිබුණ.?
එහෙම කතාවක් තිබ්බ තමයි.ඒත් ඒක හරි නම් මං ලෝක කුසලානෙ ඉන්නත්  ඕනා.ඒක අද බොරුවක් බව ඔප්පුවෙලා තියනව.
ක‍්‍රිඩාවේ නොසිට ඔබ දේශපාලකයෙකුවීම අපරාදයක් ලෙස සමහරු සලකනව?
ඇත්ත..මට ආදරේ අය සමහරු එහෙම හිතනව.දේශපාලකයො කියන්නෙ වැඩකට නැති අය කියල හිතන අයට මාව ඒ ගොඩට වැටුණාම දුකයි.කොහොම වුණත් දේශපාලකයෙක්වීම ගැන විශේෂයෙන් සතුටු වෙන්නෙත් දුක්වෙන්නෙත් නෑ.මං මධ්‍යස්ථව තමයි ඒ ගැන කල්පණා කරන්නෙ.

මේ දෙකම එකවර කරන්න අමාරුද?
ක‍්‍රිඩාව නිසා දේශපාලනයට අදාළ දේවල් හො දේශපාලනය නිසා ක‍්‍රිඩා දේවල් මං අතපසුකරගෙන නෑ. මං නිසා ගමට වෙන්න  ඕන දේවල් වෙනව.පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන මගේ අයිය මාතරදි මේ ගැන හොයල බලනව.
දේශපාලනයට එනවට පවුලෙ අය විරුද්ධ වුණාලූ නේද?
මුලදි එහෙම වෙනව තමයි.ඒත් මං අවබෝධ කරල දුන්නහම හරි ගියා.දැනුත් මගේ කටයුතුවලට පවුලෙ අයගෙ උදව් තියනව.

දේශපාලනයට ආව නිසා ක‍්‍රිකට් ලෝලීන් අඩු වුණාද?
තවම හරියට තේරෙන්නෙ නෑ.ඒත් පාක්ෂිකයින් නොවන ක‍්‍රීඩා ලෝලීන් මං ගැන සිතන විදිහ වෙනස් වෙලා ඇති.

පාර්ලිමේන්තුවෙදි කීපාරක් කතා කරල තියද?
මට මතක හැටියට හදිසි නීති විවාදවලදි දෙපාරක් විතර කතා කරල තියනව.

ලෝක කුසලාන ටිකට් ප‍්‍රශ්නය මොකක්ද?
කාර්යාල පවත්වගෙන විශේෂ පුද්ගලයො යොදවල හිටියට වැඩක් නෑ.. අද රටම දන්නව  ලෝක කුසලාන ටිකට්  ඕන වුණාම ගන්න තැනක් නොතිබුණ බව..ඒ වැඬේ අනාගත්ත කියන එක කවුරුත් දන්නව.

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙක් විදිහට මේ ගැන කතා කරන්න අදහසක් නැද්ද?
රටේ ක‍්‍රිඩා ඇමතිතුමා මේ ගැන දැනුවත් වෙලා ඉන්නෙ මං හිතන්නේ ඔහු හරි තීරණයක් ගනීවි.

ඔබ දේශපාලනයට ආවට පස්සෙ පවුල් ජීවිතෙත් අවුල් වුණා කියල කතා පැතිරුණා?
ඒ බව මට සතුරු දේශපාලන වෙබ් අඩවියක පළවෙල තිබ්බ.මේ ගෙදරට ආවම ඔබත් දකින්න ඇති මගේ බිරිඳ සැන්ද්‍රා හා දරුවන් සමග මෙහේ මං ඉන්න විදිහ.ඒ කතා හදන අයගේ මානසික මට්ටම ගැන අමුතුවෙන් කියන්න  ඕන නෑනෙ.
සනත් මේ පාර අයිපීඑල් තේරුනේ නෑ නේද?
තාම නෑ.ඒත් කවුරුහරි ක‍්‍රිඩකයෙක් තුවාල ලැබුවොත් මට අවස්ථාවක් තියනව. මං අයිපීඑල් විස්තර විචාර වලට අද ඉන්දියාවට යනව.

සනත්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඞ් කියල අන්තර්ජාලයෙ පැතිරිල ගිය විදේශ කාන්තාව සමග පෙනී සිටි ඡායාරූපය ඇත්තටම මොකක්ද?
ඒක අපේ මාතර පැත්තෙ යාළුවෙක්  ඕස්ටෙ‍්‍රලියාවෙදි හම්බ වෙල ගත්ත ෆොටෝ  එකක්. ඒකෙ සිටින්නේ එයාගේ සුදු ජාතික බිරිය.පොටෝ එක ගත්තෙත් මගේ යාළුවාමයි. මේ කටකතා නම් හරිම අවාසනාවන්තයි.මං දේශපාලනයට ආවට පස්සෙ තමයි ඒවා ඇතිවුනේ.

 
ඩාන්ස් ස්ටාර් ඩාන්ස් විනිසුරු මණ්ඩලේ ඔබ හිටිය නේද? මොකද වුනේ?
ඇත්තටම මං එක දවසක් ඒකට ආවා මගෙ උපරිමයෙන් ඒක කළා.ඒත් ආයෙ නම් යන්නෙ නෑ කියල හිතල එන්න ආවා.දැන් මං ඒකෙ නෑ.

මන්ත‍්‍රිවරයෙක් වුණත් කිසිම ආරක්ෂක භටයෙකු හෝ මුරකරුවෙකු ඔබට නෑ ඒ ඇයි?
ඔව්. මං කිසිම කෙනෙකුට වරදක් කරල නෑ.ඒ නිසා මං හිතනව මටත් කරදරයක් නොවෙයි කියල.අනෙක මං නිදහසේ ඉන්න කැමතියි.

ඔබේ ඉදිරි බලාපොරොත්තු?
දැනට මන්ත‍්‍රිවරයෙක් විදිහට කෙරෙන්න  ඕන දේවල් කරනව.ඒ අතර ක‍්‍රිකට් පුහුණුවීම් ශාරීරික ව්‍යායාම දිගටම කරනවා.විස්තර විචාර පැත්තෙන් ලැබෙන වැඩ කරනවා..ඒව තමයි.

Source -Gossip Lanka News