Wednesday, April 20, 2011

ඩිල්ෂාන් නායකත්වයට

අද සවස රැස්වූ දුලිප් මෙන්ඩිස් ප‍්‍රමුඛ තේරීම් කමිටුව ශ‍්‍රී ලංකා පිළේ නව නායකයා වශයෙන් ටී.එම්.ඩිල්ෂාන්ව නම් කළේය.එම තීරණය ඇමතිවරයාගේ අනුමැතියට යටත් බවද දන්වා තිබේ.
උප නායකයෙකු පසුව නම් කරනු ඇති බවද වාර්තා වන අතර මෙම පත් කිරීම එංගලන්ත සංචාරයට පෙර අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව තිබිණි.
 

ඩිල්ෂාන් නායකයා කරාවිද?
සංගා ආයෙ ගනීද?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිළේ මීළග නායකයා කවුද යන්න ගැන පැටලිලි රැසක් දැන් ඇති වෙලා. ඒත් මේ ජරමර අස්සේ අද එක් කෙනෙක් අනිවාර්යයෙන් තෝරන්නත් සිද්ධ වෙලා.
මේකට ඩිල්ෂාන් ගනීවිද? යන්න බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වෙලා.

අපේ නායකයා පිළිබඳ මේ වන විට මත කිහිපයක්ම පළවී තිබෙනවා. සංගක්කාර ඉවත්වූ පසු එතැන ගැනීමට වැඩිම ප‍්‍රවීණත්වය ඇත්තේ ඩිල්ෂාන් බැවින් ඔහු මීළග නායකයා කළ යුතු බවට පිරිසකගේ පිළිගැනීමක් ඇතිව තිබෙන නමුත් දීර්ඝ කාලීනව සැලකුවොත් මීළග ලෝක කුසලානය වන විට ඩිල්ෂාන්ගේ වයස වැඩි නිසා දැන් පටන්ම සුදුසු හොඳ නායකයෙකු පුහුණු කරවන්නේ නම් ඇන්ජලෝ මැතිව්ස් මේ සඳහා වඩා සුදුසු බව තවත් පිරිසක් තර්ක කරති.
ජයසූරිය ඩිල්ෂාන්ට - මුරලි මැතිව්ස්ට
මාධ්‍ය අමතමින් ප‍්‍රවීණ ක‍්‍රිඩක සනත් ජයසූරිය පවසා තිබෙන්නේ ඩිල්ෂාන් නිසැකවම මීළග නායකයා විය යුතු බවකි.කෙසේ වෙතත් මුරලිදරන් අයිපීඑල් අතරතුර ඉන්දීය මාධ්‍ය අමතා කිව්වේ මැතිව්ස් වඩා සුදුස්සා බවයි.
සංගක්කාර යන දවසේ කිව්වේ ඩිල්ෂාන් මැතිව්ස් මාලිංග හා උපුල් තරංගත් නායකත්වයට සුදුසු බවයි.
සංගා ආයෙත්?
මේ අතර ක‍්‍රීඩා අමාත්‍යංශයේ පසුගිය දිනවල පැතිර ගිය රාවයක් වූයේ සංගක්කාර නැවත නායකයා කර පුහුණු නායකයෙකු වශයෙන් ඩිල්ෂාන් හෝ මැතිව්ස් තබා ගන්නට යන බවත් ටික කලකින් එක් අයෙකු නායකයා කරන බවත්ය.එසේම තිලාන් සමරවීර ටෙස්ට් නායකයා කරන්නටත් අදහසක් ඇතැයි රාවයක් පැතිරිණි.
අලූත්ම ආරංචිය නම් මේ සතිය අග වන විට එංගලන්තයට යන ලංකාවේ පිළ නම් කළ යුතු නිසා අද(18) තාවකාලික නායකයෙකු ලෙස ඩිල්ෂාන්ව පත් කරන්නට දුලිප් මෙන්ඩිස් සූදානම් වන බවය. එය තාවකාලික එකක් වන බවත් නියම නායකයා පිළිබඳ මතබේද විසඳුන පසු ස්ථිර ලෙස නායකයා නම් කරනු ඇති බවත් කියැවේ.