Wednesday, April 20, 2011

පියුමිට ඇබැද්දියක්


චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක් වන පියුමි පුරසිංහ ඇතුළු පිරිසක් වරකාපොල ප‍්‍රදේශයේ දිය නෑමට ‍ගොස් එම ප‍්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇතැයි වාර්තා වේ.

සිද්ධියෙන් පියුමිගේ මවට ද තුවාල සිදුවී ඇතැයි පැවසේ.

අදාළ අවස්ථාවේදී පියුමිගේ පෙම්වතාද ඇය සමග සිට ඇතැයි වාර්තා වේ.

පියුමි ජනපි‍්‍රයත්වයට පත්වූයේවැඩ බැරි ටාසන් මැතිසබයට’ චිත‍්‍රපටයේ ටාසන්ගේ පෙම්වතියිමහේෂිකා’ ලෙසය.

කෙසේවුද ඇය ක්ෂේත‍්‍රයට පය ගැසුවේ නිලංජනා ටෙලි නාට්‍යයෙනි.

තවමත් 21 වැනි වියේ පසුවන පියුමි මේ දිනවල වඩාත් ජනපි‍්‍රයත්වයට පත්ව ඇත්තේ බොඳ මීදුම් ටෙලි නාට්‍යයෙනි.

එසේම මේ දිනවල විකාශය වන හිරුට හෙරෙන් ටෙලිනාට්‍ය නිසාවෙන්ද කාගේත් කතා බහට ලක්ව ඇත.

ඇයට තවත් නැගනියක් සිටින අතරල ඇගේ පියා ව්‍යාපාරිකයෙකි.

එසේම ඇගේ පෙම්වතා ද ව්‍යාපාරිකයෙකු බව පැවසෙන අතරල ඔවුන් තවත් වසර 4කින් පමණ විවාහ වන බවත් පියුමි මාධ්‍යට පවසා තිබිණි.

කෙසේවුවද විවාහයෙන් පසුව ඇය රංගනයට සමුදෙන බැව් පවසන්නීය.

ඒ ඇගේ පෙම්වතා ඇය රඟපානවාට අකමැති බැවින් බවද පැවසේ.