Saturday, April 30, 2011

චිලීත් තරගයෙන් ඉවතට

ස්වර්ණවාහිනී
‘වලි මාකටින්’

අලූත්ම කතාවේ හැටියට ඩාන්ස් ස්ටාර්ස් එකෙන් චිලීත් අස්වෙලාය.

ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් අවනඩුව දැන් ඔවුන් අලෙවිකරණ උපාය මාර්ගයක් කරගෙන තිබෙන හැටි පෙනෙන්නට තිබේ.
කිහිපදෙනෙකු ඉවත්ව සිටින තරගාවලියේ දැනට ඉතිරිව සිටින චිලී එම තරගය අතැර යන බවට සිදුකරන රගපෑමක් අඩංගු පූර්ව ප‍්‍රචාරණ අංගයක් මේ දිනවල ප‍්‍රචාරය කෙරෙන අතර මෙමගින් පෙනී යන්නේ ඔවුන් ‘ගෝරිය’ මාකට් කර ඇති බවකි.

ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්  එක් තරගකාරියක වූ චූලා ඉවත්වූ පසු ඇයට අසාධාරණයක්වූ බව කියමින් අප වෙබ් අඩවියට කළ විශේෂ ප‍්‍රකාශයෙන් අනතුරුව පසුගිය සතියේ අක්ෂා හැඬූ හැටිත් ටෙක්ලා කැළඹුන හැටිත් අපි දුටුවෙමු. එම රංගනයන්ද වැඩසටහන ජනප‍්‍රිය කරගන්නට දරන උත්සාහයක් බවට අපටත් සැක පහළවී තිබුණ අතර දැන් ඔවුන් ප‍්‍රචාරය කරන චිලීගේ ප‍්‍රචාරක දැන්වීමෙන් එම සැකය තහවුරු වෙයි.

‘මම බයික් දෙකක් ඉල්ලූව මට ඒක දුන්නෙ නෑ මට වෙච්ච අසාධාරනේ වෙබ් සයිට් එකකට කියනවා... ’කියමින් චිලී යන්නට හදන හැටිත් වැඩසටහන ඉදිරිපත් කරන සාලිය ඔහු වළක්වන්නට හදන හැටිත් මෙම පූර්ව ප‍්‍රචාරණ දැන්වීමෙන් පෙන්වයි.



එම වීඩියෝව බලන්න