Monday, May 02, 2011

පූර්ණිකාගේ හදිසි අනතුර

නිවේදිකාවක් හා ටෙලි නිළියක් වන පූර්ණිකා සුභානි පීරිස්ට පසුගියදා සිදුවූ හදිසි අනතුරක් සම්බන්ධයෙයන් ක්‍ෂෙත‍්‍රයේ කතාබහට ලක්විය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අපට සොයා ගැනීමට හැකිවූයේ එවැනි අනතුරකට ඇය ලක්ව නොමැති බවයි.

පසුව අපට ඒත්තු ගියේ ඇය චරිත නිරූපනය කරනු ලබන ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන'වැස්ස නුඹ' වගේ ටෙලි නාට්‍යයේ රූපරාමුවක් හේතුවෙන් මේ කතාව පැතිර යන බවයි.

එම ටෙලියේ සාරතී ගේ චරිතයට පණ පොවන පූර්ණිකාට අදාළ ටෙලියේ චරිතයට අනුව මෝටර් රථයක හැපීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගැනීමට සිදුවේ.

කෙසේවුවද රංගන ශිල්පිණියක් ලෙස පරිනත නොවූ ඇයට මෙ රූගත කිරීම තරමක් බැරෙaරුම් එකක්වූ බවද පැවසේ.

පූර්ණිකා මෙ සම්බන්ධයෙන්ල සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ එය අපූරු අත්දැකීමක් බවයි.

එසේම අදාළ රූගත කිරීම සිදුවූ දිනය හොදින් ඉර මුදුන්ව තිබූ දිනක් බවත්ල ඒ නිසාම තාර පාර හොදින් රත්වී තිබූ අතරම මොටර් රථය හප්පාගෙන යාමෙන් අනතුරුව ඇයට බිම ඇඳවැටීමට සිදුවූයේ ගිනිමැලයක් මෙන් රත්වු තාර පාර මතට බවත් ඉන් ඇගේ ඇග පිච්චුන බවයි.

දෙරණ නාලිකාවෙන් නිවෙදන වෘත්තියට පැමිණි පූර්ණිකා විවාහවී සිටින්නේද නිවේදකයකු වන කෞෂික සහන් අබේසේකර සමගය.

එසේම ඇගේ වැඩිමල් සහෝදරිය ජනපි‍්‍රය චිත‍්‍රපට හා ටෙලි නිළියක් වන චතුරිකා පීරිස් වන අතරල ඇගේ මස්සිනාද ජනපි‍්‍රය නළුවෙකු වන රොෂාන් පිලපිටිය වේ.

පූර්ණිකා නිවේදනය හා රංගනයට පමණක් නොව නර්තනය හා ගායනයටත් දස්කම් දස්කම් දක්වන අතරල ඇය දසවසරක පමණ සිට රවි බන්ධු විද්‍යාපති මහතාගේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කරන්නීය.

එසේම ඈ වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් පසුගිය කාලයේදී පෙනී සිටියාය.