Monday, May 02, 2011

ඇමති මර්වින්ගේ දුටු ගැමුණු පාට් එක රූගත කරයි

සුනෙත් මාලිංග ලොකුහේවාගේ දෙවැනි සිනමා නිර්මාණය වන'සුරංගනා ලොවින් ඇවිත්' චිත‍්‍රපටයේ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා චරිත නිරූපනය කරනු ලබන දුටු ගැමුණු චරිතයේ රූගත කිරීම් අද (අපේ‍්‍රල් 29) ආරම්භ විය.

මෙහි රූගත කිරීම් අද සීගිරිය ප‍්‍රදේශයේදී සිදු කෙරුනි.

එළාර පරදා රට එක්සේසත් කිරීමෙන් පසුව දුටුගැමුණු රජ කඩොල් ඇතා පිට නැඟී යෝධයන් සමඟ විජිතපුර බළකොටුව බලා ගමන් කළ ආකාරය නිරූපනය කරනු ලබන දර්ශනයක් ඇමැති මර්වින් සිල්වා විසින් අද නිරූපනය කළ බව පැවසේ.

තමා කුඩා කල සිටම දුටුගැමුණු චරිතයට ඇලූම්කරන බැවින් මෙම චරිතයට පණ පෙවීමට සිතූ බව මීට පෙර සිල්වා මහතා මාධ්‍යයට පවසා තිබිණි.