Tuesday, April 26, 2011

සුසන්තිකා ගේ සැමියාට ඇප දෙයි

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී හිටපු කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ඇගේ සැමියා වන ධම්මික නන්ද කුමාරට රුපියල් 50,000 ක ශරීර ඇප සහ රු5,000 ක මුදල් ඇප මත මුදා හැරීමට හොරණ මහේස්ත‍්‍රාත් මහින්ද රණසිංහ මහතා අද (අපේ‍්‍රල් 25) නියෝග කළේය.

සුසන්තිකා විසින් ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සුසන්තිකාට දරුණු ලෙස වධ හිංසා කරන ලදැයි චෝදනා ලැබූ ධම්මිකට සුසන්තිකාගේ නිවසට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කළේය.

යම් හෙයකින් ඇයට කායික හෝ මානසික පීඩනයක් ඇති කළ හොත් ඇප අවලංගු කරන බවට ද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.

මීට අමතරව සෑම මසකම අවසන් ඉරිදා දින බණ්ඩාරගම පොලිසියේ  පෙනී සිටින ලෙසද මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කළේය.