Tuesday, April 26, 2011

ජැක්සන් පබාවතීට පෙම් බඳියි

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබනිකුස පබාවතී’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහා නළු නිළියන් තෝරාගෙන අතැයි වාර්තා වේ.

මෙහි කුසගේ චරිතයට ජැක්සන් ඇන්තනීත්ල පබාවතීගේ චරිතය සඳහා පූජා උමාශන්කර්වත් තෝරාගෙන තිබේ.

මෙම චිත‍්‍රපටයේ තේමාවට අනුව කාන්තිමත් පබාවතී (පූජා) ට  කාලවර්ණ කුස (ජැකසන්) පෙම් බැඳීමට නියමිතය.

මෙතෙක් ඉතිහාසයේ වැඩිම මිලක් අය කළ නළුවා ලෙස ජැක්සන් සිංහල සිනමා ඉතිහාසයට එක්වීමට ද නියමිත අතරල ඔහු මෙම චිත‍්‍රපටය වෙනුවෙන් අය කළ මුදල රුපියල් මිලියන 1.5 කි.

පූජා උමාශන්කර්ද සිය රංගන දායකත්වය වෙනුවෙන් රුපියල් මිලියන 1.5ක් අයකර ඇත.

ආචාර්ය තිස්ස අබේසේකර විසින් අවසන් වරට තිරචනයක් ලියන ලද සිංහල චිත‍්‍රපටය ද මෙයවීම විශේෂිතය.