Tuesday, April 26, 2011

'පබා' අලුත් පෙමක

අජිත් ජයවර්ධනගේ දෙවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය වන මල්සර දෝණි හි පබා (උපේක්ෂා ස්වර්ණමාලි) මංජුලා වෙමින් පුබුදු චතුරංග සමග පෙම්වතුන් වී මුල් වරට පුංචි තිරයේ චරිත මවන්නට සැරසෙන බව වාර්තා වේ.

ඇතුගල පාමුල ටෙලි නාට්‍ය අජිත් අධ්‍යක්ෂණය කළ පළමු ‍ටෙලි නාට්‍ය වන අතර, ඔහු රතු රෝස, උදාගිර ආදි ටෙලි නාට්‍ය රැසකම සහාය අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළේය.

මෙම ටෙලිනාට්‍යයට උපේක්‍ෂාගේ විවාහ ජීවිතය තුළ සිදුවූ මහා පෙරලියේ හවුල්කාරයකුවූ  සාරංග දිසාසේකර ද රංගනයෙන් දායක වේ.

සාරංග සමග තිසුරි යුවනිකා ද පෙම්වතුන් ලෙස මෙහි රගපෑමට නියමිතය.

මොරින් චාරුණී, වසන්ත කුමාරසිරි, විශාඛා සිරිවර්ධන, සමන් වීරසිරි, ආනන්ද වික‍්‍රමගේ, මානෙල් වානගුරු, සුසන්තා චන්ද‍්‍රමාලි, අභිලාෂ් වික‍්‍රමගේ, එරන්ති ජයවර්ධන, පවනි විතාන, සඳලි තාරකා යන නළු නිළියෝ සෙසු චරිත සඳහා පණ පොවති.

මෙම ටෙලිනාට්‍යයට සහාය අධ්‍යක්ෂණයෙන් ලක්රුවන් ගුණතිලක ද, ආලෝකකරණය සහ කැමරාකරණයෙන් තිලක් රන්ජන් ද තිර රචනයෙන් චන්දි කොඩිකාර ද, වේශ නිරූපණයෙන් කුමාර ගලහිටියාව ද, සංස්කරණයෙන් ලලන්ත ජයකොඩි ද, සංගීත අධ්‍යක්ෂණයෙන් ආනන්ද පෙරේරා ද, කලා අධ්‍යක්ෂණයෙන් චන්දන ප‍්‍රිය ද, ගැයුමින් කිත්සිරි ජයසේකර ද දායක වෙති.

වසන්ත කුමාරසිරි මෙහි නිෂ්පාදකයා ලෙස කටයුතු කරන අතර, ගම්පහල කුලියාපිටිය, කුරුණෑගල අවට මෙහි රූගත කිරීම් කිරීමට නියමිතය.