Wednesday, April 06, 2011

සංගක්කාර නායකත්වයෙන් අස්වෙයි, නව නායක මැතිවුස් ?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක කුමාර සංගක්කාර නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (අපේ‍්‍රල් 05) බාරදුන් බව ඔහුගේ කළමනාකරු චාර්ලි ඔස්ටින් පැවසීය.

සංගක්කාර එක්දින හා පන්දුවාර විස්සයි -20 තරග නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව ඔස්ටින් මහතා වැඩිදුරටත් කීය.

කෙසේවුවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව සංගක්කාර ටෙස්ට් පිලේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වී ඇතැයි පැවසේ.



සංගක්කාර එංගලන්ත තරග සංචාරයෙන් පසුව සමුගැනීමට නියමිත බවද වාර්තා වේ.

ශී‍්‍ර ලංකා පිලේ නව නායකයා ලෙස ඇන්ජලෝ මැතිවුස් නම් කිරීමට සූදානමක් ඇතැයි ද මේ අතරල වාර්තා වේ.

මේ අතරල ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන් හා තිලාන් සමරවීර සිටියදී මැතිවුස්ට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇතිවී ඇතැයි ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටු ලේකම් නිශාන්ත රණතුංග මහතා කියා සිටින්නේ අදාළ ඉල්ලා අස්විමේ ලිපිය ලැබී ඇති බවත්ල එය භාරගන්නවාද නැද්ද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බවයි.