Monday, May 16, 2011

රයිගම් ජනප‍්‍රියම නිළිය නෙහාරා ?

දින 48ක යුරෝපා සංචාරයකට එක්වී සිටි ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන ක‍්‍රිහෂ්නි නෙහාරා කනිෂ්‍යා පීරිස් අද (12)හදිස්සියේම ශී‍්‍ර ලංකාවට පැමිණි බව වාර්තා වේ.

හෙට (13) සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේ පැවැත්වීමට නියමිත රයිගම් ටෙලීස් සම්මාන උළෙලට සහභාගිවීමට ඇය මෙසේ හදිස්සියේ දිවයිනට පැමිණ ඇති බවත්, එම සම්මාන උළෙලේදී ඇයට ජනප‍්‍රියම නිළිය සම්මානය හිමි වීමට නියමිතව ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර  රයිගම් ටෙලි සම්මාන උළෙලේදී පළමුවරට  නැසී ගිය ජනප‍්‍රිය ගායකයකු වන ගේ‍්‍රෂන් ආනන්ද මහතාගේ පුතු  මරියෝ   සජීවී වේදිකාවේදී ගීත ගායනා කිරීමට නියමිත බවද වාර්තා වේ.

අදාළ සම්මාන උළෙල අවසන්වූ පසු නෙහාරා පීරිස් ලබන මැයි 14 වැනිදා යළිත් සිය සංචාරය සඳහා එක්වීමට නියමිත බවත් වාර්තා වේ.

ඇයල සංගීත සංදර්ශන කිහිපයකට සහභාගිවීම සඳහා යුරෝපයේ සංචාරයක නිරතවී සිටි බව පැවසේ.

ඇය පසුගිය 08 වැනිදා පැරිසියේ මොන්ටෙගැලේ ශාලාවේ සෙන්ටිගේ‍්‍රඞ්ස් සමඟ පැවැති සංගීත ප‍්‍රසංගය සඳහා ද එක්ව සිටි බවත් මේ අතර, වාර්තා වේ.

නෙහරා, මීට පෙර 2008 හා 2009 වසරේ රයිගම් ටෙලි සම්මාන අළෙලේදී ජනපි‍්‍රයතම ටෙලි නිළිය ලෙස සම්මාන දිනා ගැනීමට සමත්වූවාය.

ඇයල 2009 වසරේදි සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනප‍්‍රියතම නිළිය ලෙස ද තේරී පත්වූවාය.

නෙහාරා පීරිස් මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන රුවන් මාළිගා’ ටෙලි නාට්‍යයේ මහීමාගේ චරිතය නිසාත්, ස්වාධීන රූපවාහිනියේ අමන්දා’ ටෙලි නාට්‍යයේ හිරුණිගේ චරිතය නිසාත්, දෙරණ නාලිකාවේ ඇය විසින් ඉදිරිපත්කරනු ලබන ටී පාර්ටි වැඩසටහන නිසාත්, වැඩි ජනපි‍්‍රයත්වයකට පත්ව ඇත.

එසේම ඈ ගුවන්විදුලි ශ‍්‍රාවකයන් අතරත් ශ‍්‍රී එෆ්. එම්. නාලිකාවේ සාගරය සේ ආදරේ වැඩසටහන නිසා ජනපි‍්‍රයත්වයට පත්වූවාය.

ඇගේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ රංගනය බොහෝ දෙනකුට අමතක නොවන චරිතයක් බවට පත්ව ඇති අතර, නෙහාරා අදටත් බොහෝදෙනා විසින් හඳුන්වන්නේ 'මුතුකිරිල්ලී’ ලෙස ය.

නෙහාරා මුලින්ම ක්ෂේත‍්‍රයට පැමිණියේ වෙළෙඳ දැන්වීම් හරහාය. ඇය 2006 වසරේදී මුලින්ම ලංකා බෙල් වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටිමින් ඇගේ රංගන චාරිකාවට අත්පොත් තැබුවාය.

එසේම එම වසරේම ප‍්‍රදර්ශනය කෙරුණු ඩයලොග් වෙළෙඳ දැන්වීම හේතුවෙන් බොහෝ දෙනා අතර කතාබහට ලක්වූවාය.

‘සෙනෙහසට ආදරෙයි’ නම් ටෙලි නාට්‍යයේ රශ්මි නැමැති හදවත් රෝගියෙකුගේ චරිතයකට පණ පොවමින් නෙහාර සිය මුල්ම ටෙලිනාට්‍ය සටහන් කළාය.

පසුව රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළිජීවිතේ ලස්සනයි’ ටෙලි නාට්‍යයේ නෙත්මි නම් සුළු චරිතයක් සඳහා ද දායකවූවාය.

සිරස රූපවාහිනියේ මැජික් බොක්ස් සංගීත වැඩසටන ඉදිරිපත් කිරීමත් සමඟ ඇයට ටෙලි නාට්‍ය සඳහා ආරධනා වැල නොකැඞී ගාලා ආ බව ඇය පවසන්නීය.

පසුව ඇය සිරස ඩානිසින් ස්ටාර් හරහා නර්තන ශිල්පිණියක් ලෙස ද ප‍්‍රසිද්ධියට පත්වූ අතර එම තරගයෙන් නෙහාරා පස්වැනි ස්ථානය දිනා ගැනීමට ද සමත්වූවාය.

රෝයි ද සිල්වා මහත්මයාගේ It’s a Matter of love  චිත‍්‍රපටයේ ජෙනිෆර් නැමැති චරිතයට පණපොවමින් නෙහාරා නෙහාරා ළඟඳීම සිනමා නිළියක් ලෙසත් අභිශේක වීමට නියමිත බව මේ අතරල අපට වාර්තා වේ.

ඇගේ සැමියා නිර්මාල්ය, නෙහාරා නිර්මාල් සමග විවාහ වූයේ වසර තුනහමාරක පමණ ඇසුරකින් පසුවය.

නිර්මාල් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවක නිරත වන්නෙකි.

නෙහාරාගේ සුරතල් නාමය 'කුකී' බවද පැවසේ.