Monday, May 16, 2011

පෘථිවි වාසීන්ට අනතුරු අගවමින් උල්කාවක් පෘථිවිය ආසන්නයට

ලෝකවාසී ජනතාව මහත් බියෙන් ඇළලී යන අනාවැකියක් මේ වන විට නාසා ආයතනය මගින් නිකුත් කර තිබෙනවා. ඒ දැවැන්ත විනාශයක් ඇති කළ හැකි විශාල උල්කාවක් මේ වසර අවසානයේදී පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා. එය පොලාව මත පතිත වුවහොත් ඇති වන ප‍්‍රතිඵලය න්‍යෂ්ටික බෝම්බ 65,000 ක පිපිරීමකට සමාන වනු ඇතැයි ගණනය කර තිබෙනවා.

එමගින් සැතපුම් 6 ක් පළල අඩි 2000 ක් පමණ ගැඹුරු ආවාටයක් ද නිර්මාණය විය හැකියි.  කෙසේ නමුත්,‘වයි  යූ - 55’’ ලෙස නම්කර ඇති  මෙම උල්කාව පෘථිවියට සැතපුම් දෙලක්ෂ 1700 ක් දුරින් ගමන් කරන බව වාර්තා කෙරැණා. කෙසේ නමුත්, උල්කාව චන්ද්‍රයාට වඩා පෘතුවියට සමීප වන බව නාසා ආයතනයේ අදහසයි.

චන්ද්‍රයා පරිභ‍්‍රමණය වන්නේ පෘථිවියේ සිට සැතපුම් දෙලක්ෂ 38,855 ක් ඈතිනි. මේ වසරේ නොවැම්බර් 8 වැනිදා සහ 09 වැනිදා වන විට දැවැන්ත උල්කාව පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන අතරල එය කුඩා දුරේක්ෂකයකින් වුවද නිරීක්ෂණය කළ හැකි බව නාසා ආයාතනය ප‍්‍රකාශ කර තිබෙනවා.

‘‘වයි  යූ - 55’’ උල්කාව අඩි 1300 ක් විශාල වන අතර, ටොන් මිලියන 55 ක බරකින් යුක්තයි. එය සෑම මාස 14 කට වරක් සුර්යා වටා ගමන් කරනවා. දැවැන්ත උල්කාව පෘතුවියේ ගැටෙනු ඇද්දැයි නැගුණු ප‍්‍රශ්නයකට  පිළිතුරු ලෙස නාසා ආයතනයේ ප‍්‍රකාශක ඬේව් ඉයොමාන්ස් මහතා කියා සිටියේ අවම වශයෙන් ඉදිරි වසර 100 තුළ එවැන්නක් සිදු නොවනු ඇති බවයි.

‘‘වයි  යූ - 55’’  උල්කාව 2005 වසරේදී සොයා ගනු ලැබූයේ නාසා අභ්‍යවකාශ නිරීක්ෂණ වැඩසටහන මගින්. එමගින් සොයාගෙන ඇති පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන එකම උල්කාව මෙය නොවේ.  ඩබ්ලිව් එන් -5  නැමැති තවත් උල්කාවක් 2028 වසරේදී පෘතුවිය ආසන්නයෙන් ගමන් කරනු ඇති අතර, අඩි 1200 ක් පළල ඇපෝෆිස් නැමැති තවත් දැවැන්ත උල්කාවක්  2036 වසරේදී අපේ‍්‍රල් 13 වැනිදා පෘතුවියට සමීපව ගමන් කරනු ඇති. ඒ සියල්ලට වඩා විශාල තවත් දැවැන්ත උල්කාවක් වසර 2182 දී පෘතුවියට සමීප වන අතර, එය මහ පොලවේ පතිත වීම සඳහා දහසට එකක අවස්ථාවක් පවතින බව වාර්තා වෙනවා.