Friday, May 20, 2011

ඉන්දීය නිළි මනීෂා කොයිරාලත් දන්සැල් කයි

එළැඹුණ 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් මෙවර කොළඹ පුරවරය වෙසක් සැරසිලිල දන්සැල් ආදියෙන් පිරී ඉතිරී ගොස් තිබුණා. එයට සමගාමීව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරය ආශ්‍රිතව බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.

මේ අනුව අරලියගහ මන්දිරයේ පැවති මහා බත් දන්සැල ප්‍රමුඛස්ථානයට පත්ව තිබුණා. මෙම දන්සැල විවෘත කිරීමේ අවස්ථාවට අවස්ථාවට මැති ඇමතිවරුන්ල කලාකරුවන් හා විදේශ දූත පිරිස් ද එක්ව දින දෙකේදීම එක්ව සිටියා.

ඒ සියලුදෙනා අතරේ සුවිශේෂී පුද්ගලයෙකු මේ සදහා එක්ව සිටියා ඒ භාරතයේ සුපිරි නිලි මනීෂා කොයිරාල මහත්මියයි. ඇය ද අරලියගහ මැදුරේ දන්සැලෙහි රස විදීමට එක්වුණා.