Thursday, May 19, 2011

උමයංගනාගේ නොම්බරේ එස්.එම්.එස්.වලින් හෙළිවේ

මෙවර රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනපි‍්‍රයම නිළිය වීමට පොරයක් තිබූ බව ප‍්‍රසිද්ධ රහසකි.

එස්.එම්.එස්. ප‍්‍රමාණය අනුව මෙම සම්මාන උළෙලේ ජනපි‍්‍රය නිළිය තෝරාගත් අතර,මෙහි අවසානය දක්වාම එම ස්ථානය දිනා ගැනීමට නෙහාරා පීරිස් හා උමයංගනා වික‍්‍රමසිංහ අතර, තියුණු සටනක් පැවැතිනි.

කෙසේවුවද සම්මාන ප‍්‍රදානය ළංවත්ම නෙහාරාට රටවටෙන්ම එස්.එම්.එස්. ගලා එන අතරේ උමයංගනාට එකම අංකයකින් එස්.එම්.එස්. ගලා ආ බව රංයිගම් ටෙලීස් අභ්‍යනතර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද නොනවත්වාම එම අංකයෙන් උමයංගනාට එස්.එම්.එස්. පැමිණිය ද නෙහාරාව අභිබවා යාමට නොහැකි විය.

අවසානයේ නෙහාරා ජනපි‍්‍රයම නිළිය ලෙස සම්මාන දිනාගත් අතර, ජනපි‍්‍රයම නළුවා ලෙස මේනක රාජපක්‍ෂ සම්මාන ලබා ගත්තේය.

දක්‍ෂම නිළිය ලෙස රශී පබෝධා සංදීපනී සම්මානයට පාත‍්‍රවූ අතර දක්‍ෂතම නළුවා ලෙස රොෂාන් රවීන්‍ද්‍ර සම්මාන ලැබීය.

උමයංගනා වික‍්‍රමසිංහ පසුගිය වසරේදී සුමති ටෙලි සම්මාන උළෙලේදී ජනපි‍්‍රයම නිළිය බවටපත්වූවාය.

ඇය එහිදී ලබා ගත් පේ‍්‍රක්ෂක මනාප සංඛ්‍යාව 33442 කි.

ඖෂධවේදිනියක් වීමට සුදුසුකම් සපුරා සිටියදී කලාවට සම්බන්ධවූ උමයංගනා පාසල් ජීවිතය හමාරවූ විගසම පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප‍්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස සේවයට එක්වෙමින් කලාවට අත්පොත් තැබීය.

නෙයිනගේ සූදුව වේදිකා නාට්‍යයෙන් රංගනයට පිවිසි උමයංගනා ජීවිතේ ලස්සනයි ටෙලිනාට්‍යය මාලාවේ ධනංජනා ලෙසින් මුලින්ම පේ‍්‍රක්‍ෂක ආකර්ෂණයට පත්වූවාය.

පසුවිඉතිං ඊට පස්සේ’ ටෙලිනාට්‍ය මාලාවේ කැලූම්ට ආදරය කළ දේදුණු ලෙසින් ජනපි‍්‍රයත්වයට පත් විය.

ඩෙන්සිල් ජයවීර අධ්‍යක්ෂණය කරනු ලබනිදෑසේ දිස්නය’ විත‍්‍රපටයේ උමයංගනා වික‍්‍රමසිංහ ප‍්‍රධාන චරිතයකට පණ පොවන බවද මේ අතර, වාර්තා වේ.

කෙසේවුවද එය ඇගේ පළවැනි සිනමා රංගනය නොවන අතර, චන්ද්‍රරත්න මාපිටිගමගේඋයනට මල් දෙන්න’ ඇගේ කුළුඳුල් සිනමා පටය වේ.

මෙම චිත‍්‍රපටය ඉදිරියේදි තිරගතවීමට නියමිතය.