Thursday, May 19, 2011

ෆේස්බුක් ගැන රජයේ අවධානය

විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජි පසුගියදා රුසියානු වෙබ් අඩවියක් සමග කල සම්මුඛ සාකච්චාවකදී ප්‍රකාශකොට සිටියේ ෆේස්බුක්,ගුගුල්, යාහු අනාරක්ෂිත වෙබ් අඩවි බවයි.

එම වෙබ් අඩවි තුලට ඇතුලත් කරන දත්ත ඇමරිකානු බුද්ධි අංශ පහසුවෙන් ලබාගන්න බවත් ඔහු සඳහන් කර සිටිනවා.

අසාන්ජි ෆේස්බුක් හඳුන්වන්නේ තොරතුරු හොරෙන් ගන්නා මැෂිමක් ලෙසයි.ෆේස්බුක් යනු පුද්ගලයන්ගේ ලිපින, සම්බන්ධතා,වාසය කරන ස්ථාන ඇතුලත් ලොව විශාලතම තොරතුරු ඇතුලත් දත්ත ගබඩාවයි.

අසාන්ජි ප්‍රකාශ කරන අන්දමට මෙම දත්ත ගබඩාවට ඇමරිකානු බුද්ධි අංශවලට පහසුවෙන් ඇතුලත්වී දත්ත ලබාගත හැකියි.

ඒ අනුව මෙම ප්‍රකාශය කෙරෙහි ආණ්ඩුවේ අවධානයද යොමුවී ඇත.

ලංකාව ජාත්‍යන්තර වශයෙන් අර්බුධයකට ලක්ව සිටින අවස්ථාවක ෆේස්බුක් හරහා ශ්‍රිලන්කාවසින්ගේ දත්ත කෙරෙහි මෙය කෙසේ බලපානු ඇත්දැයි මේවන විට සොයා බලමින් පවතී.