Thursday, May 19, 2011

රැජිනි කාන්ත් මිය ගිය බවට කට කතා

දකුණු ඉන්දියානු සිනමාවේ ප‍්‍රකට නළු රැජිනි කාන්ත් මිය ගිය බවට හෝ මරණාසන්න බවට විවිධ ආරංචි මේ දිනවල ඉන්දියාවේ ළැව් ගින්නක් මෙන් පැතිරෙනවා.
මේ ගැන හරි තොරතුරක් කිසි තැනකින් හරියාකාරව ප‍්‍රකාශ නොවීම නිසා මේ අභිරහස ගැන සොයන්නට දමිළ සිනමා පේ‍්‍රක්ෂකයින් මාධ්‍ය ආයතනවලට තොරතෝංචියක් නැතිව ඇමතුමි දෙන්නටත් පටන් අරං. ඇත්තටම ඔහුට මොකද වුනේ?

වයසට ගියත් තරුණකම නොයන නළුවෙකු ලෙස ප‍්‍රකට 60 හැවිරිදි රැජිනි කාන්ත් පසුගිය සිකුරාදා රෝහල් ගත කෙරුනේ කැස්ස හා වෛරස උණකින් තදබල ලෙස පෙළීම නිසයි. ඔහුගේ තත්වය එලෙසම පවතිද්දී ඔහු මරණාසන්න බවට මේ ආරංචි පතුරා තිබුනේ කිසියම් කුමන්ත‍්‍රණකාරී පිරිසක් බවයි ඔහුගේ බිරිය පවසන්නේ.ඔහුගේ බිරිය ලතා මාධ්‍ය අමතමින් කියා තිබුනේ ‘මේ ආරංචි පැතිරුවේ කවුද කියල නම් මං දන්නේ නෑ..ඒත් මගේ ළ`ගම ඥාතීන්වත් ඔහුට බරපතල නැති බව විශ්වාස කළේ නෑ’ යනුවෙනි.

කෙසේ වෙතත් රැජිනිකාන්ත් මේ වන විට චෙන්නායිහි රාමචන්ද්‍ර රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යවා ඇති බවත් වාර්තා වෙනවා.