Thursday, May 19, 2011

ළිදට වැටී පිය පුතු මිය යයි

ළිඳකට වැටුණු බොලොක්කයක් ගොඩට ගැනිමට ළිං පතුලකට ගිය බලංගොඩ - ගල්බොඩ රණවිරු ගම්මානයෙ පියෙකු සහ පුතෙකු අද(18) මියගොස් තිබේ.

බොලොක්කය ළිඳට වැටීම නිසා එය ගැනීමට මෙම තරුණයා අද පෙරවරුවේ ළිඳට බැස ඇත. ඔහුගේ කෑ ගැසීම නිසා කඹයක ආධාරයෙන් පියාද  ඔහු බේරා ගැනීමට ළිඳට බැස ඇති බව පොලිසිය කියා සිටියේය.

එම අවස්ථාවේ ළිඳ තුළ පැවැති විෂ වායුවක් ආග‍්‍රහණයවීමෙන් සිහි මුර්ජා වී සිටි මෙම පිය පුතු දෙදෙනා ප‍්‍රදේශවාසීන්ගේ ආධාර ඇතිව ළිඳෙන් ගොඩට ගෙන තිබේ. අනතුරුව ඔවුන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරට ලක් වු පුද්ගලයින් දෙදෙනා බේරා ගැනීමට ප්‍රදේශවාසීන් හා බළංගොඩ රෝහලේ ප්‍රථමාධාර ඒකකය දැඩි පරිශ්‍රමය දැරූ බව පොලීසිය සඳහන් කළේය.

කෙසේ වෙතත්, ළිඳෙන් ගොඩට ගන්නා විටත් ඔවුන් මිය ගොස් සිටි බව ‍රෝහල් ප‍්‍රකාශකයෙකු  පැවසීය.