Monday, May 23, 2011

පබෝධාගේ අලූත් පෙම්වතා විශ්ව ද ?

ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීගේ අලූත්ම පෙම්වතා වී ඇත්තේ නැගී එන නළුවෙකු වන විශ්වනාත් කොඩිකාර බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා පසුගිය දිනක වැල්ලවත්තේ පිහිටි සිනමා ශාලාවකදී තෝර් (THOR)චිත‍්‍රපටය එක්ව නැරඹූ බවද පැවසේ.

පබෝධාගේ මව ද දක්‍ෂ නිළියක් වන අතර, ඇය රූගත කිරීම් සඳහා සහභාගිවීමට නිවසින් පිටව ගිය විට පබෝධා සිය පෙම්වතා හමුවීමට නිවසින් බැහැරව යන බවද වාර්තා වේ.

රොෂාන් පිලපිටිය, අරවින්ද ලොකුගේ හා කි‍්‍රකට් කී‍්‍රඩක ගිහාන් රූපසිංහ සමග ද පබෝධාගේ සමීප සම්බන්ධකම් තිබූ බව පැවසේ.

පබෝධා ඉකුත් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී දක්ෂතම නිළිය ලෙස ද සම්මානයට පාත‍්‍ර වූවාය.

විශ්වනාත් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනප‍්‍රියත්වයට පත්වූයේ පබළු ටෙලි නාට්‍යයයේ‘හසරැල්”ගේ චරිතයට හරහාය.

ඔහු  පබළු ටෙලියේ රඟපෑමට පෙර ඔහුගේ පියා විසින් නිෂ්පාදනය කළ (පද්මසිරි කොඩිකාර* සදාදර ජෝති චිත‍්‍රපටයේ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලගේ චරිතයට පණ පෙවීය.

මීට අමතරව, විශ්ව රගපෑ අලුත්ම චිත‍්‍රපටය වනිබෝම්බ සහ රෝස’ මෙ වසරෙදි තරගවීමට නියමිත බවද පැවසේ.

විශ්වගේ රංගන ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා බවත්, ඔහු 2007 සිට 2010 දක්වා මහේන්ද්‍ර යටතේ රංගනය හැදෑරූ බවත් වාර්තා වේ.