Tuesday, May 31, 2011

ටාටා නැනෝ රථ ලංකාවට එයි

ලොව ලාභදායිතම මෝටර් රථය ලෙස සැලකෙන ටාටා නැනෝ රථය ලංකාවට ගෙන්වීම පසුගියදා සිට ආරම්භ කෙරුණු බව වාර්තා වෙනවා.


ටාටා නැනෝ මෝටර් රථය මරුටි මෝටර් රථයට වඩා 21% ඉඩකඩ ඇති අතර එහි ඉන්දියානු මිල ඉන්දියානු රුපියල් දෙලක්ෂ හතලිස් පන්දහසකි. ලංකාවේ මෙය විකිනීමට අපේක්ෂා කරන්නේ නව ලක්ෂ විසිපන්දහසක් වැනි මුදලකට බව ද සදහන් වෙනවා.


මෝටර් රථය බෙදාහැරීම සිදු කරන්නේ ඩිමෝ ලංකා ආයතනය විසිනි. කෙසේ වුවද මෙහි ආරක්ෂාව පිළිබද තවමත් සැක සංකා ඇති බව කියැවෙනවා.
ටාටා නැනෝ රථ පිළිබද වීඩියෝ දර්ශන