Friday, May 27, 2011

පබා දික්‌කසාදය ලිපි ලේඛන භාරදෙයි

ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්‍ෂා ස්‌වර්ණමාලි නොහොත් පබා මහත්මිය සිය සැමියාගෙන් දික්‌කසාද වීම සඳහා අවශ්‍ය ලියකියවිලි පෙරේදා සිය නීතිඥ තාක්‍ෂණ සහ පර්යේෂණ නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා වෙත භාර දී තිබේ.

මේ අතර උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මියගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසය ඇයගේ අනුදැනුම නැතිව සැමියා විසින්  රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කුලියට දී ඇති අතර පසුගිය දා මෙම නිවස ඇය මැදිහත් වී නිදහස්‌ කරගෙන ඇති බවද වාර්තා වේ.

උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මියගේ  සැමියා  වන මහේෂ් මහතා මේ වනවිට මර්වින් සිල්වා අමාත්‍යවරයා සමඟ ඉතාලියට ගොස් සිටී.