Friday, May 27, 2011

අයාලේ යන සුනඛයන්ට එළිමහන් සුනඛ නිවාස

ලංකාවේ සුනඛ ගහනය ලක්ෂ 2.5 ඉක්මවා යාම නිසා ඇතිවී තිබෙන ගැටළු සහගත තත්වය මග හරවා ගැනීම සඳහා අයාලේ යන සුනඛයන් සඳහා රට පුරා එළිමහන් සුනඛ නිවාස ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇත.

මෙහි පළමු සුනඛ නිවහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් අක්කර දෙකක භුමි භාගයක ඉදි කිරීමට නියමිත අතර එහි උතුරුමැද පළාතේ අයාලේ යන සියලු සුනඛයින් එහි රැඳවීමට නියමිතයි.

ඉදිරියේදී සම පළාතකටම එක සුනඛ නිවහනක් බැගින් ඉදිකිරීමට සැලසුම්කොට තිබේ.