Thursday, May 26, 2011

උපුල් තරංගටත් තහනම් උත්තේජක චෝදනා

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංගගේ පසුගිය ලෝක කුසලාන සමයේ දී ගත් මුත්‍රා සාම්පලයක තහනම් උත්තේජක අඩංගු බවට විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබෙනවා.

එම තහනම් උත්තේජකය ඇදුම රෝගයට ලබාගන්නා ප්‍රෙඩ්නිසොලෝන් නම් රසායනය බවට හඳුනාගෙන තිබේ.නවසීලන්තයට සමග ක්‍රීඩා කල තරගයෙන් පසුව මෙම සාම්පලය ලබාගෙන තිබෙන බව වාර්තා වේ.

කෙසේ නමුත් උපුල් තරංග සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍ය බව ජාතික තහනම් උත්තේජන ආයතනයේ සභාපති වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ප්‍රකාශ කර සිටිනවා.