Thursday, May 26, 2011

ඇමති මහින්දානන්ද අතුරුදන් හෂාන් සොයයි

කි‍්‍රකට් මුල්‍ය වංචා සම්බන්ධයෙන් ඉගි පළ කළ එජාප පළාත් සභා මන්ත්‍රී හෂාන් තිලකරත්න මහතා මේ වන විට ආගිය අතක් නැති බව මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිතුමා ඊයේ(25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වුවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවා ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුව ද එය ප්‍රයත්නය ද ව්‍යවර්ථ වී ඇතැයි මෙහිදී අදහස් පළ කෙරුණා.

වැඩිදුරටත් ඇමතිතුමා කියා සිටියේ ඔහු දුරකථනයට වත් නොඑන බවත් ඔහුගේ බිරිද පමණක් ඇමතුම් වලට පිළිතුරු ලබාදෙන බවත් ය. ඇමතිතුමා විපක්ෂ නායකතුමා ඇතුළු එජාපයෙන් ඉල්ලා සිටියේ එතුමා කොහේ හෝ සිටී නම් සොයා දෙන ලෙසයි.