Sunday, May 15, 2011

රජයේ සේවකයන්ට පන්සල් යාම අනිවාර්යයි


සබරගමු ආණ්ඩුකාර වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා විසින් සබරගමුවේ සෑම බෞද්ධ රජයේ සේවකයන්ටම පාලොස්වක පෝදා පන්සල් යාම අනිවාර්ය කොට ඇත.

පන්සල් ගිය බවට පන්සලේ ලේඛනයක අත්සන්කර යුතු අතර එයට අදාළ ලියකියවිලි දැනටමත් විහාරස්ථාන වෙත යවා ඇත.

පාලොස්වක පෝ දින රජයේ නිවාඩු දිනයක් කර තිබෙන්නේ රජයේ සේවකයන්ට ආමිස හා ප්‍රතිපත්ති පුජාවේ දීමට බවත් එසේ නොකරන හෙයින් මෙම පියවර ගත් බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශකර සිටිනවා.

මෙයට පෙර වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා විසින් තුන් සුත්‍රය කටපාඩම් නැති කිසිදු සේවකයෙකුට වැටුප් වර්ධක ලබා නොදෙන බවටත් ප්‍රකාශයක් සිදු කරනු ලැබිය.