Sunday, May 15, 2011

මහා ජයග‍්‍රහණය රැකගැනීමට නම්


56 ජයග‍්‍රහණයට මුල් වූයේ ගිය සියවසේ සිව්වන සහ පස්වන දශකය තුළ මේ රට තුළ ප‍්‍රබලව ඉස්මතු වූ ජාතික බලවේගයි. ඒ ජාතික බලවේගවල උපත අනගාරික ධර්මපාලතුමා දියත් කළ සිංහල බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය හා සම්බන්ධ කළ හැක. ධර්මපාලතුමා වපුල බිජුවටයි ඒ දශක දෙක තුළ මල්ඵල ගැන් වූණේ. දේශපාලන කරළියට අවතීර්ණ වූ ඒ බලවේග ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිකර මෙරට පාලන බලය බණ්ඩාරනායක මහතා අතට පත් කළේ ය. පාලන බලය අතට ගත් බණ්ඩාරනායක මහතා ඒ ජාතික බලවේගවල අපේක්‍ෂා ගැඹුරින් අවබෝධ කර නොගෙන ඒවාට පිටුපා කටයුතු කිරීමට පෙළඹුණේ ය. ඒ බලවේගවලට පිට දුන් දේශශීතෛෂී නායකයින් වූ පිලිප් ගුණවර්ධනල විලියම් සිල්වා වැන්නවුන් පලවා හැර ආත්මාර්ථකාමීල නැව් කොම්පැණි හදා ගැනීමට තැත් කළ අධම හොර දෙටුවන් ළංකර ගෙන අවසානයේ ඔවුන්ගේ ග‍්‍රහණයට නතු විය. චෙල්වනායගම් වැනි උග‍්‍ර දෙමළ ජාතිවාදියෙකු සමග එක්වී රට බෙදීමේ ගිවිසුම් ගසා ගැනීමට තැත් කළේ ය. ඒ සියල්ලෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ ඒ අධමයන් අතින් සිය මරණය ළගා කර ගැනීමයිග ඒ මරණය පිටුපසින් සී. අයි. ඒ. කුමන්ත‍්‍රණයක් වූ බවට ඒ දිනවල පැවති කටකතාවල කිසියම් සත්‍යතාවයක් ඇතැයි මා සමග මෑතකදී පවසන ලද්දේ ඒ මරණය පිරික්සා බැලූ කොමිසමේ කටයුතු කළ රාජා වනසුන්දර විනිසුරුතුමා විසිනුයි. මේ ක‍්‍රියාදාමයේ අවසාන ප‍්‍රතිඵලය වූයේ ඒ ජාතික බලවේග සුළු කලකින්ම අනාථවී අයාලේ යමින් අවසානයේ වියැකී විනාශවී යාමයි.

එදා සිදු වූ ඒ ඛේදවාචකය වැන්නක් යළි සිදුවීමේ පෙර නිමිති දැන් පහළ වේගෙන එන බවක් මම දකිමි. මා සිතට ඉතා තදින් කා වැදුනේ මේ දිනවල ක‍්‍රියාත්මක එල්. එල්. ආර්. සී. කොමිසම හමුවේ මේ රටේ රෝමානු කතෝලික පල්ලියේ නායකයා සහ ඇන්ග්ලිකන් ක‍්‍රිස්තියානි පල්ලියේ නායකයා විසින් දෙන ලද සාක්ෂි සහ කරන ලද ප‍්‍රකාශ කියවන්නට ලැබීමෙන් පසුවයි. මේ බිෂෝප් උන්නාන්සේලා දෙදෙනා විසින් කරන ලද ප‍්‍රකාශ ගැන අප පුදුම විය යුතු නොවේග මීට වසර කීපයකට පෙර කෙනත් ප‍්‍රනාන්දු බිෂෝප්තුමා විසින් ප‍්‍රභාකරන් මානව හිතවාදී සත්පුරුෂයෙකු ලෙස හදුන්වා දුන් සැටි අපි දුටුවෙමු. මෙවර මේ ආගමික නායකයන් දෙදෙනා විසින් කර ඇත්තේල ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ දෙමළ ජාතිවාදීන්ගේ අධම අපේක්‍ෂා වක‍්‍රාකාරයෙන් ලබාදීමට කටයුතු කිරීමයි. (මේ ප‍්‍රකාශ ගැන හරවත් විවේචනයක් එස්. එල්. ගුණසේකර මහතා විසින් අයිලන්ඞ් පුවත්පතට සපයා තිබෙනු දුටුමි.) රට බෙදන දහතුන් වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කර දෙමළ මිනිසුන්ට සිදුවී ඇති අසාධාරණය ඉවත් කළ යුතු බවත්, උතුරු නැගෙනහිර දෙමළ මිනිසුන්ගේ නිජබිම ලෙස සලකා දෙමළ මිනිසුන් හැර අන් කිසිවෙකු ඒ පළාත්වල පදිංචි නොකළ යුතු බවත්ල ත‍්‍රස්ත මර්දන පනත වහා ඉවත් කළ යුතු බවත් මේ අගරදගුරුන් විසින් ප‍්‍රකාශ කොට ඇත්තේ මේ රටේ බහුතර ජනතාවගේ හැගීම්

කෙරෙහි කිසිදු ගරු සරුවකින් තොරව ඉමහත් අභිමානයකින් හා ආත්ම විශ්වාසයකින් බව පෙනේ. මේ රටේ බහුතර ජනතාව වෙත අබමල් රේණුවකට වැඩි බලපෑමක් කළ නොහැකි මේ අගරදගුරුන් එවන් ආත්ම විශ්වාසයක් ලබාගෙන ඇත්තේ කොතැනින් ද යන්න අපගේ විමසුමට ලක් විය යුත්තකි. මා මේ ලිපිය ලිවීමට පොලඹවන එක් කරුණක් වූයේ ඔවුන්ගේ ඒ සාහාසික ප‍්‍රකාශයයි.

ජාතික බලවේග විසින් මෙරට ජනතාව අවදිකර මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්කර ප‍්‍රභාකරන් විනාශ කර දැමීමට අවශ්‍ය ධෛර්යය එතුමාට ලබා දී අත්කර ගත් ඒ මහා ජයග‍්‍රහණය ආපසු හැරවීම සදහා ඒ ජයග‍්‍රහණය ලද මොහොතේ සිටම මහා මාර සේනාවක් සංවිධානාත්මකව ක‍්‍රියාත්මකවී ඇති බව මේ වන විට රටේ ජනතාවට පැහැදිලි විය යුතුයි. එසේ පැහැදිලිවී නැති නම් පැහැදිලි කර දිය යුතුයි. ඒ මාර සේනාව දැක හදුනාගැනීම අප විසින් කළ යුතු වෙයි. අර අගරදගුරුන් ද අර මාරසේනාවේ ම කොටසක් වෙයි.

මේ මාර සේනාවේ මුල ඉන්නේ ඇමෙරිකාව ප‍්‍රධාන බටහිර බලවේගයි. මොවුහු අන්තිම මොහොතේදී හෝ ප‍්‍රභාකරන් බේරාගැනීම සදහා නාවික හමුදා සූදානම් කරගෙන සිටි හැටිල මිලිබෑන්ඞ්ලා, කුෂ්නර්ලා මෙරටට එවා මහින්ද රාජපක්‍ෂ ජනාධිපති මෙල්ල කිරීමට කටයුතු කළ සැටි ආදී වූ ඒ ව්‍යායාමය දිගින් දිගටම අද වන තෙක් ගෙන යන සැටි අපට පෙනී යා යුතුයි. ඇමෙරිකාවට ගිය සරත් ෆොන්සේකා අල්ලා ගෙන ඊට අවශ්‍ය මූලික පදනම දමා ගැනීමට මොවුන් කටයුතු කළ සැටි අපි දුටිමු. රුද්‍රකුමාරන් නායකත්වය සපයන බටහිර දෙමළ රාජ්‍යය පවත්වා ගෙන යෑම සදහා අවශ්‍ය සියලූ ඉඩකඩල ඇමෙරිකාව ප‍්‍රධාන යුරෝපීය රටවල් විසින් සපයා දී තිබේ. තව නොබෝ කලකින් ඒ දෙමළ රාජ්‍ය විකල්ප රාජ්‍යයක් ලෙස පිළිගැනීමට මේ බලවේ. කටයුතු කළ හොත් මම පුදුම නොවෙමි.

මේ බටහිර රටවල ඒජන්තයන් වශයෙන් දිගින් දිගටම කටයුතු කළ ජාතික බලවේගවලට එරෙහිව කටයුතු කළ නිර්ලජ්ජී දීනයෝ ද අද වනවිට මහින්ද රාජපක්‍ෂ රජයට හේත්තු වී සිටිති. ඔවුන් ඒ ද්‍රෝහී බලවේගවල න්‍යාය පත‍්‍රය ඉටුකිරීමට යටි රහසේ කටයුතු කරන සැටි අපට පෙනී යා යුතුයි. ඊළාමය හැදීමට හවුල් වූ සෝල්හයිම්ලා මුණගැසී කතාකර යළි මේ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලබන්නේ මේ නිර්ලජ්ජී අධමයන් විසිනුයි. රට බෙදීමට අවශ්‍ය 19 වැනි සංශෝධනයක් ද මේ අධමයන් අතින් සැකසෙන බව දැන ගන්නට තිබේ.

මේ මාර සේනාවේ ඊළගට ඉන්නේ ඉන්දියාවයි. මගේ හතුරාගේ හතුරා මගේ මිතුරාය යන න්‍යායයේ එල්බ ගෙන ඇති ඉන්දියාව දැන් ඇමෙරිකාවේ ගජ මිතුරා බවට පත්ව තිබේ. ලංකාව අරඹයා දැන් ඉන්දියාව උපදෙස් ලබා ගන්නේ ඇමෙරිකාවෙන් ද යන්න අපගේ විමසුමට ලක්විය යුතුයි. ඉන්දියාව අවට ඇති අප ඇතුළු කුඩා රටවල් ඉන්දියාවේ අණසකට යටත් කිරීමට ඇමෙරිකාවට උවමනා වී තිබේ. ඉන්දියාව සිය අභිලාෂයන් ඉටුකර ගැනීම සදහා මෙවර ඉදිරිපත් වූයේ ප‍්‍රභාකරන්ගේ මළ මිනියේ උණුසුම යන්නටත් පෙර ය. 13 වන සංශෝධනය ක‍්‍රියාත්මක කර උතුර නැගෙනහිර තුළ දෙමළ රාජ්‍යයට අඩිතාලම දැමිය යුතු යයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට උපදෙස් දීම සදහා ඉන්දියානු නියෝජිතයෙකු මෙහි එවන ලද්දේ ප‍්‍රභාකරන් මිය ගොස් තෙදිනක් යන්නටත් පෙරයි. එදා සිට අද වනවිට මේ රටට එන හැම ඉන්දියානු නියෝජිතයෙකුගේම කටේ ඇත්තේ එකම මන්තරයකි. ඒ මන්තරයෙන් කියන්නේ රට බෙදා සිය අණසකට අවනත වන වර්ධරාජා පෙරුමාල්ගේ රාජ්‍යය වැන්නක් බිහි කිරීමට අප ක‍්‍රියා කළ යුතු බවයි. ප‍්‍රභාකරන් ඇති දැඩි කිරීමේ සිට එතෙක් මෙතෙක් ලංකාව අරභයා ඉන්දියාව හැසිරී ඇති සැටි සලකා බලන විට ඉන්දියාවේ වත්මන් ක‍්‍රියා කලාපය ගැන අප පුදුම විය යුතු නොවේ. ඉන්දියාව මේ ස`දහා ඉන්දියානු ඒජන්තයන් මහින්ද රාජපක්‍ෂ රජය තුළට තල්ලූ කර ඇති බව රහසක් නොවේ. ඉන්දියානු රෝ සංවිධානය මගින් ඒ කටයුත්ත දිගින් දිගටම කරගෙන ගිය සැටි අපි දනිමු. ඒ දිනවල රෝ සංවිධානය ඔස්සේ අණ්ඩපාලයෙකුට සල්ලි ලබා දී මේ රටේ ජන මතය වෙනස් කිරීම සදහා සගරාවක් පවත්වා ගෙන යෑමට කටයුතු කළ සැටි අපි දුටිමු. ඒ අණ්ඩපාලයාගෙන්ල පැවතෙන්නෙක් ප‍්‍රභාකරන් මැරීම සදහා උපදෙස් දුන්නේ තමා යයි පවසමින් මහින්ද රාජපක්‍ෂ රජයට ළෙන්ගතු බවක් පෙන්වමින් ඉන්දියානු න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කරනු වස් සතිපතා පල්හෑලි පුවත්පත්වලට සපයමින් කටයුතු කරන සැටි අපට පෙනේ. මේ අවස්ථාවාදී දීනයාට අනුව 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කළහොත් මේ රටේ ඇති සියලූ ප‍්‍රශ්න විසෙදනු ඇත.

ඉහතින් දැක්වූ විජාතික මාර සේනාවට අමතරව තවත් පිරිවර සේනාවක් ද ජාතික බලවේග අඩපණ කර ලබන ලද ජයග‍්‍රහණය වනසා දැමීම සදහා කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. බටහිරයන්ගේ ප‍්‍රධාන ඒජන්තවරයා දැන් ග‍්‍රාම චාරිකාවල යෙදෙමින් නෙළුම් කොළයේ බත් කන්නේ ඒ බටහිරයන්ගේ න්‍යාය පත‍්‍රයට මෙරට ජනතාව නම්මවා ගැනීම සදහායි. එදා සෝල්හයිම් සමග එක් වී ප‍්‍රභාකරන්ට ඊළාමය ලබා දීමට කටයුතු කළ අපේ රණවිරුවන් නිගාවට ලක් කළ මොහු දැන් රට ජාතිය රාජපක්‍ෂ සහෝදර සමාගමෙන් බේරා ගැනීමෙ සටන් පාඨය ඒ සදහා යොදාගෙන ඇත.

කෙටියෙන් කියතොත් එදා ජාතික බලවේගවලට එරෙහිව කටයුතු කළ ජාතිද්‍රෝහීන් දැන් අළුගසා නැගිට ඉන්න බව පෙනේ. එපමණක් නොව ඒ ජාති ද්‍රෝහීන්ගෙන් සෑහෙන පිරිසක් ද මහින්ද රාජපක්‍ෂ රජය තුළට රිංගා ගෙන දැන් ඊට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට පටන් ගෙන තිබේග රජයට ද ඒ කේවට්ටයන්ගේ අනුශාසනා වඩා ප‍්‍රියමනාප බව පෙනේ. මේ ද්‍රෝහීන් සියලූ දෙනාගේ අභිලාෂය වනුයේ ජාතික බලවේගවල බලපෑම අවමකරල ලබාගත් ජයග‍්‍රහණය දියකර හැර මේ රජය අයාලේ යවා නිසි අවස්ථාව පැමිණි විට එය බලයෙන් පහකරලීමයි. එදා 56 ජයග‍්‍රහණයෙන් අනතුරුව සිදු වූ දෙය යළි සිදුවීමට සැලැස්වීමයිග ඒ ඉරණමෙන් රට ජාතිය බේරා ගැනීමල ඒ ජයග‍්‍රහණය ස්ථාපිත කරගැනීම, මේ රජය රැකගැනීම ඒ ජයග‍්‍රහණයට උරදුන් සියලූ බලවේගවල වගකීම වෙයි.

ඒ වගකීම හුදෙක් මහින්ද රාජපක්‍ෂ ප‍්‍රධාන දේශපාලකයන්ට බාරදීල අපේ වැඬේ දැන් ඉවරයි යනුවෙන් අත සෝදාගෙන අයින්වීමට සිතුවහොත් එදා 56 න් අනතුරුව සිදු වූ දෙය ඊට වඩා ඉක්මනින් ඊට වඩා සාර්ථක ලෙස සිදුවනු නොවැළැක්විය හැකිය. අවස්ථාවාදී සතුරන් ළං කරගෙන ලබාගන්නා තුනෙන් දෙකේ බලයකින් වැළැක්විය හැක්කක් නොවේ. එය ඇතුළතින් බිදීම පිටතින් ඉද බිදීමට වඩා ලෙහෙසි එකකි. ජනාධිපතිවරයා වෙත පැවරී ඇති ඒ වගකීම ඉටුකරනු වස් ජාතික බලවේග සතු කාර්යභාරය ගැන ද ලූහුඬින් හෝ කතා කිරීම මෙවෙලෙහි වැදගත් යයි සිතමි.

ජාතික බලවේග නොනවත්වා ක‍්‍රියාකාරී විය යුතුල උපරිම බලපෑම් කළ යුතු විෂය ක්‍ෂේත‍්‍ර කීපයක් ගැන ජනතා අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

ඇන්. ජී.  ඕ. නඩයේ ඇණවුම පරිදි ඉදිරිපත් කරන ලද 17 සංශෝධනය ඉවත් කළ පරිද්දෙන්ම 13 නව සංශෝධනය ද ඉවත් කළ යුතු බවට ප‍්‍රබල හඩක් මෙවෙලෙහි අප විසින් නැගිය යුතු වෙයි. 13 වන සංශෝධනය අපගේ හිත සුව පිණිස ඉදිරිපත් කරන ලද්දක් නොව ඉන්දියාව විසින් ඊළමයට අඩිතාලම සැපයීම සදහා අප මත බලෙන් පටවන ලද්දකි. ඊනියා පළාත් සභා අපේ ජනතාව විසින් ඉල්ලා සිටින ලද්දක් නොවේ. එය ජනතා ධනය කාබාසිනියා කරනිසුදු අලියෙකුබවත්, රට බෙදා වෙන් කිරීමේ අන්තරාව ගැබ්කොට ගන්නක් බවත්, අධම ජඩ දේශපාලකයන්ට ස්වර්ග රාජ්‍යයක්වී ඇති බවත් මේ වනවිට මුළුමහත් ජනතාවටම ඒත්තු ගොස් ඇත. තව එක දවසක් හෝ එය පවත්වා ගෙන යෑමට කිසිදු සදාචාරාත්මක අයිතියක් රජයට නැත. එය එකවර අහෝසි කළ නොහැකි නම් එය ඉබේ අභාවයට යන ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අප රජයට බලකර සිටිය යුතු වෙයි. දැනට ඒවාට දී ඇති සියලූ බලතල මධ්‍යම ආණ්ඩුව විසින් ක‍්‍රම ක‍්‍රමයෙන් සිය අතට ගත යුතුයි.

දැන් උතුර නැගෙනහිර රඳවා ඇති ආරක්ෂක බල ඇණි තව බොහෝ කලක් යනතුරු එහි රඳවා තැබිය යුතුයි. ප‍්‍රභාකරන් මිය ගොස් ඇති නමුත් දෙමළ ජාතිවාදය හෝ ත‍්‍රස්තවාදය අවසන්වී නොමැති බව අපි දනිමු. එපමණක් නොව පිටරට පිහිටුවා ඇති රුද්‍රකුමාරන්ගේ දෙමළ රාජ්‍යයේ අරමුණ මේ ප‍්‍රදේශය තුළ ඊළාමය පිහිටුවීම බව දැන් සක් සුදක් සේ පැහැදිලිව ඇත. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයක් ද පත් කර තිබේ. මේ ආරක්ෂක බල ඇණි ඉවත් කරන ලෙස අගරදගුරුන් වැන්නන් ඉල්ලා සිටින්නේ ඒ දෙමළ රාජ්‍යයට මග පාදා දීම සඳහා විනා අන් කිසිවක් සඳහා නොවේ. මෙරට බහුතර ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට අසීමිත බලයක් ලබා දී ඇත්තේ බිෂොප් උන්නාන්සේලාගේ අවවාද අනුශාසනා කි‍්‍රයාවට නැඟීම පිණිස නොවේ.

මෙරට නිදහස ලැබූ දා සිට බලයට පත් වූ අපගේ නායකයන් කි‍්‍රයා කර ඇත්තේ මෙරට ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා නොව සිය ආත්මාර්ථ සාධනය සඳහා බලයේ එල්ලී සිටීම සඳහා බව රහසක් නොවේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා තුනෙන් දෙකේ බලයක් වංචනික ලෙස ලබාගෙන සිය ව්‍යවස්ථාව හදා ගත්තේ මේ අධම කි‍්‍රයා කලාපයේ පිහිටායි. මෙවර මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට නියම වශයෙන් තුනෙන් දෙකක බලයක් ලබා දී ඇත්තේ අන් කිසිවක් සඳහා නොව බලලෝභයෙන් ආත්මාර්ථයෙන් තොරව මේ රටේ ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කරනු සඳහායි.

එමෙන්ම මේ වනවිට අප වනසන ශාපයක්  බවට පත්ව ඇති අපේ අනුකාරකයන් බදාගත් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක‍්‍රමය වෙනුවට බහුතර සිංහල ජනතාව උනුන් මරා ගැනීමට සලස්වන පක්ෂ ක‍්‍රමය මුල් කොට ගත් ක‍්‍රමයක් වෙනුවට අපට නව ආණ්ඩුක‍්‍රමයක් කෙරෙහි මේ රජයේ අවධානය යොමු විය යුතු බව අප විසින් පෙන්වා දිය යුතුයි. ඉගෙන ගත් පාඩම් සහ මංහිඳියාව මුල්කොට පත් කර ඇති කොමිසමේ අවධානය යොමු විය ප‍්‍රධාන කරුණකි මෙයග අවුරුදු හැටකට පසු ඉගෙන ගන්නට ලැබී තිබෙන හොඳම පාඩම මෙයයිග අප පෙළන ව්‍යාධියෙහි රෝග නිධානය එලෙස පවත්වා ගනිමින් ඉදිරිපත් කරනු ලබන ප‍්‍රතිකර්ම පැලැස්තර දැමීමමක් බව කිව යුතු නොවේ.

ජනවාර්ගික සහජීවන සඳහා කරනු ලබන යෝජනාවලියන් බොහෝ ඒවා මේ රටේ බහුතර ජනතාව වන සිංහලයන්ගේ ඓතිහාසික උරුමයල සංස්කෘතිය නිශේධ කරන ඒවා බව මේ වනවිට පෙනෙන්නට තිබේ. සිංහල දෙමළ සමගිය සහජීවනය දවසෙන් දෙකෙන් ඉටුකර ගත හැකි දෙයක් නොවේ. ඒ සඳහා යොදා ඇති හැකි ඇලඩින්ගේ පුදුම පහනක් නොමැත. ඒ සඳහා පරම්පරා දෙක තුනක කාල පරාසයක් අවශ්‍ය වනු ඇත. එය කොමිෂන් යෝජනා මගින් හෝ භාෂා තුනම රාජ්‍ය භාෂා කිරීමේ අනුවණ කි‍්‍රයාමාර්ගය මගින් හෝ ඉටු කර ගත හැකි නොවේ. භාෂා තුනේ ප‍්‍රතිපත්තියෙන් සිදුවනු ඇත්තේ සිංහල භාෂාව වළපල්ලට යවනා යළි ඉංගිරිසිය රජ කරවීමය. කැලේ වැනසීමට කැලේ ගහක්ම යොදා ගත යුතු බව ඉංගිරිසිය රජ කරවන්නට තැත් කරන්නවුන් විසින් වටහා ගෙන ඇති බව පෙනේ.

යුද්ධයෙන් විනාශ වූ මේ රටේ ආර්ථිකය ගොඩ නගනු සඳහා රජය අනුගමනය කරනු ලබන ආර්ථික ප‍්‍රතිපත්තිය ද අපගේ විමසුමට ලක් විය යුතු වෙයි. විශාල විදේශික ධන ආයෝජන ම`ගින් මෙන්ම සූදු කෙළියට ඉඩ දෙන සංචාරක ව්‍යාපාරය මගින් ද රජය බලාපොරොත්තු වන්නේ ධනවාදී මාර්ගයෙන් මේ රට සංවර්ධනය කිරීම බව පෙනේ. මේ අවසථාවේදී ක්ෂණික ආර්ථික සංවර්ධනයක් සඳහා ලෙහෙසි පහසු ධනවාදී මාර්ගය ගැනීම අපට අවබෝධ කර ගත හැකියි. එය දෝෂ දර්ශනයට ලක් කිරීමට ද අපි නොකැමැත්තෙමුග එහෙත් අත පල්ලෙන් හැළෙන න්‍යාය මුල් කර ගත් ධනවාදී මාර්ගය මගින් මේ රට මුහුණදෙන ප‍්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් නොමැති බව අප විසින් පෙන්වා දිය යුතු වෙයිග (මෙහිලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලන්ඩනයේදී කළ සාකච්ඡාවේ දී කෘෂි ආර්ථිකය ජාතික ආර්ථිකයේ කොඳුනාරටිය බව පැවසීම අපගේ ප‍්‍රාසදයට හේතුවෙයි)

මේ රට තුළ තරුණ නැගිටීම් තුනක්ම දකුණ උතුර දෙකේම පැන නැගුණේ නොඉවසිය හැකි දරිද්‍රතාවය මුල් කරගෙන නොව ඇති නැති පරතරය උඩ, සම්පත් අවම ලෙස බෙදී යෑම උඩ, අපේක්ෂා භංගත්වය උඩ බව මේ වනවිට අපට පෙනී යා යුතුයි. ඒකපුද්ගල ආදායම දෙගුණ කිරීම මඟින් ඒ විෂම චක‍්‍රය නැති කළ හැකි නොවේ. එයින් බොහෝ විට වන්නේ ඇති නැති පරතරය, සමාජ අසාධාරණත්වය තවත් වැඞීවීමයි. විප්ලව කරනු ලබන්නේ හිස් බඩවල් නොව අඩක් පිරුණු බඩවල් විසින් ය යනු සුලබ කියමනකි.

සමාජවාදයල සාමානාත්මතාවය අපගේ සිංහල බෞද්ධ සංස්කෘතිය මගින් අපට හිමි කර දෙන ලද්දකි. අප උපන් ගෙයි සමාජවාදීන් බවට පත් කර ඇත්තේ මාක්ස්වාදය විසින් නොව බුද්ධ දේශනාව විසිනුයි.  සිංහල බෞද්ධ සංස්කෘතිය සාධාරණ මානව හිතවාදී සමාජය ළඟා කර ගත හැකි නොවේය යන මේ කරුණ අපගේ ආර්ථික විශෙෂඥයන් විසින් මේ රජයට පෙන්වා දිය යුතු වෙයි. ධනවාදයත් මාක්ස්වාදයත් යන දෙකම ඉවතලා අපගේ සංස්කෘතික උරුමය මත ගොඩනැගුණු අපට ඔරොත්තු දෙන ආර්ථික දේශපාලන දර්ශනයක් වෙත එළඹීමට කාලය පැමිණ ඇති බව අප විසින් පෙන්වා දිය යුතුයි.

මෙරට ජාතික බලවේග විසින් ලබා ගන්නා ලද මහා ජයග‍්‍රහණය රැක ගත හැක්කේ ඉහතින් දැක්වූ කි‍්‍රයාමාර්ගයන් ගෙන් විනා අන් මගකින් නොවන බව රජයට පෙන්වා දීම අපගේ වගකීම වෙයි.

ආචාර්ය ගුණදාස අමරසේකර
සභාපති, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය