Tuesday, May 31, 2011

ජැක්සන්ගේ අලුත් ඉතිහාස කථාව

ජැක්සන්ගෙන් නව ඉතිහාස පාඩමක්
බුදුන්ගේ පියා සුද්දෝධන රජුගෙන් පැවත එන
ගැමුණු රජු රාජපක්ෂගේ මීමුත්තා

ඊයේ ජනපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් රණවිරු රියල් ස්ටාර් අවසන් තරගය පැවැත්වුණා. තරගය මෙහෙයවන නිවේදකයා එම තරගයේ විනිශ්චයකරුවෙකු ලෙස සහභාගීවූ ජැක්සන් ඇන්තනි සභාවට හඳුන්වා දුන් පසු මෙතෙක් කල් රණවිරු රියල් ස්ටාර් තරගය පැවැත්වූ ආකාරය පිළිබඳ විස්තර කරන්නැයි ඉල්ලමින් ජැක්සන්ට මයික‍්‍රෆෝනය භාර කළා. නමුත් මිනිත්තු පහමාරකටත් වඩා වේලාව ගනිමින් ඔහු එම මතකය සිහිගන්වනු වෙනුවට සිදු කළේ ජනපතිතුමන් පිළිබඳ දීර්ඝ ප‍්‍රශස්තියක්
හ`ගවන ඉතිහාස පාඩමක් කීමය.


 

ඔහු පැවැත්වූ කතාවේදී ජනපතිට ගැමුණු රජුගේ පවතින නෑකම පිළිබඳව කරුණු දැක්වූ අතර ගැමුණු රජු බුදුන්ට පවතින නෑකම පිළිබඳවත් දීර්ඝ වශයෙන් විස්තර කළා.
ඒ අනුව ඔහු නොකියා කීවේ ජනපති මහින්ද රාජපක්ෂ බුදුන්ටත් නෑදෑකම් ඇති බවකි.
මේ අවස්ථාවේ ජනපතිවරයා සභාවේ අසුන්ගෙන සිනාසෙමින් කතාවට ඇහුම් කන්දුන්නේය.

මෙම කතාව දැක්වෙන වීඩියෝව බලන්න