Wednesday, June 01, 2011

ඩෙංගු ව්‍යාප්ත වියහැකි අධි අවදානම් දිස්ත්‍රික්ක 11 ක්


නිවෙස් වලට මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබුණොත් එවලේම නඩු

ඩෙංගු ව්‍යාප්ත විය හැකි අධි අවදානම් සහිත දිස්ති‍්‍රක්ක 11 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවාග කොළඹ, කළුතර, ගම්පහ, හම්බන්තොට, ගාල්ල, පුත්තලම,මඩකලපුව, රත්නපුර, කුරුණෑගල, ති‍්‍රකුණාමලය සහ මාතර යන දිස්ති‍්‍රක්ක දැනටමත් අධි අවදානම් සහිත දිස්ති‍්‍රක්ක ලෙස හඳුනාගෙන ඇති බව අමාත්‍යංශය නිවේදනය කර සිටියා.

මේ නිසා වහාම කි‍්‍රයාත්මක වන පරිදි ජුනි මස 20 වැනිදා සිට 26 වැනිදා දක්වා මදුරු මර්දන ජාතික සතියක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. මේ යටතේ ඩෙංගු මර්දන කටයුතු සඳහා විශේෂ ඩෙංගු මර්දන සහායක ඒකක සෑම පොලිස් ස්ථානයකම සහ සිවිල් ආරක්ෂක ඒකකව, ස්ථාපිත කිරිමට දැනටමත් පියවර ගෙන අවසන් බව සදහන් වෙනවා.

ගුවන් හමුදාව විසින් අදාල සතිය තුළ ගුවන් යානා යොදා ගනිමින් මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කිරිමේ කටයුතු සිදු කිරිමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. එමෙන්ම කිසියම් පරිශ‍්‍රයක හෝ නිවසක මදුරුවන් බෝ විය හැකි ස්ථාන තිබී හමුවුවහොත් ඔවුන්ට එරෙහිව එම අවස්ථාවේදීම නඩු පැවරීමට සහ රුපියල් 2000 ක දඩ නියම කිරීමටත් දැනට සැලසුම් කර තිබෙනවාග.