Monday, May 09, 2011

ඇමති චම්පික හිස මුඩු කල හැටි

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද දින බොරැල්ල, ගෝතමී පාර සදහම් සෙවණේදී හිස මුඩුකොට දස සිල් සමාදන් වුනි.

ඇමතිවරයා සමග බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල සහ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ යන ඇතුළු තවත් 25 දෙනෙකුද මෙලෙස හිස මුදු කොට දින දහයකට දස සිල් සමාදන්ව ආරණ්‍ය ගත වුනි.


2600 වන ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු යන තේමා පාඨයට සැබෑ අරුතක් දීමේ අදහසින් මෙය සංවිධානය කොට ඇත්තේ හෙළ උරුමයේ අතුරලියේ රතනහිමි විසිනි.

බුදු දහමෙට අනුව බෞද්ධ ගිහියාගේ නිත්‍ය සීලය පංච සීලය යි. එයට අමතරව දස සිල්ල අට සිල් හා සතර සංවර සීලය ලෙස ප්‍රභේද වෙයි.මෙයින් දස සිල් පොහොය දින වලදී ගිහියන් විසිනුත් සාමණේරයන් වහන්සේලා ද සමාදන් වේ.