Monday, May 09, 2011

FACE BOOK සාදයට පොලිසිය පනි

ෆේස් බුක් එක හොඳ දේට වගේම නරක දේටත් යොදාගන්නට හැකි බවට හොඳ උදාහරණයක් ගල්කිස්සෙන් වාර්තා වෙනවා.
ගල්කිස්ස හෝටල් පාරේ එක්තරා වෙරළබඩ ස්ථානයක පවත්වමින් තිබූ ඞීජේ පාටියක් වැටලූ පොලිසියට නීති විරෝධී මත්පැන් තොගයක් හා අසභ්‍ය ලෙස හැසිරෙමින් සිටි පාසල් යන වයසේ තරුණ තරුණියන් පිරිසක් අල්ලාගැනීමට ඊයේ හැකි වුණා. වොඞ්කා බකාඩි රම් විස්කි බෝතල් 104 ක් හා බියර් බෝතල් 56 ක් අල්ලාගන්නා අවස්ථාවේදී තිබුණ බව වාර්තා වුණා.
කොළඹ ඉහළ පෙළේ ජාත්‍යන්තර පාසල්වල ළාබාල වයසේ සිසු සිසුවියන් දෙසීයකට අධික පිරිසක් පොලිසිය පනින වෙලාවෙ මෙහි ඉඳ තියනවා.

ටිකට් එක 1000යි
ෆේස්බුක් පිටුවක් ඔස්සේ මෙම පාටිය සඳහා පිරිස රැස් කර තිබෙන බවත් සහභාගීත්වය සඳහා පමණක් රුපියල් දහසක් අයකර තිබෙන බවත් වැඩිදුර සොයා බැලීමේදී වාර්තා වාණා. මෙම පාටි සතියකට වරක් බැගින් නිරන්තරයෙන්ම පවත්වා තිබෙන අතර මෙහි පැමිණෙන සිසු සිසුවියන් එතැනදී වෙරළේ අහුමුළුවලට ගොස් ඉතාමත් අශෝබන ලෙස හැසිරෙන බවට මින් පෙර පැමිණිලි කිහිපයක්ද පොලිසිය වෙත ලැබී තිබේ.

ගෙදරට බොරු කියලා
මුදල් ගෙවා ඇතුළුවූ පසු ඔවුනගේ අතේ පළඳනාවක් (බෑන්ඞ් එකක්) බඳින බවත් එක් එක් මිල ගණන්වල පැකේජයන් අනුව ඔවුනට එතැනදී කාබී විනෝද විය හැකි ලෙස එය සංවිධානය කෙරුණ බවත් වාර්තාවේ. විශේෂ කරුණ නම් මෙම සිසු සිසුවියන් සියල්ලන්ම පාහේ නිවෙස් වලට බොරු කියා මෙම පාටියට සහභාගී වීමයි.පොලිසිය වැටලූ අවස්ථාවේ නිවෙස්වලට ආරංචි වේයයි වැඩිදෙනෙකු බියවී තිබෙන බවද වාර්තාවේ.

කොළඹ තරුණ පිරිස ඉලක්ක කර මෙවැනි අපචාර පහසුවෙන් කරගෙන යාමට ෆේස්බුක් වෙබ් අඩවිය දැන් පොදු ස්ථානයක් කරගෙන තිබෙන නිසා විමසිලිමත්වන්නැයිද මෙම වැටලීම කළ බස්නාහිර පළාත් සුරාබදු නිලධාරීන් හා පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.