Friday, June 03, 2011

රොසෙල්ගේ අලූත් පෙම්වතා මුසාමිල් ?


ජනපි‍්‍රය මොස්තර නිරූපිකාවක් වන රොසෙල් පලන්කට්ගේ අලූත් පෙම්වතා බවට පත්ව ඇත්තේ කොල්ලූපිටිය ප‍්‍රදේශයේ දිවා රාතී‍්‍ර හෝටලයක හිමිකරුවෙකු වන මුසාමිල් නැමැත්තෙකු බව වාර්තා වේ.

රොසෙල්ට මීට පෙර පෙම්වතුන් කිහිපදෙනෙකුම සිට ඇති බවත්, ඇය පෙම්වතෙකු ලැබුණු විගස ඔහුගේ නම පච්චයක් සේ කොටා ගන්නා බවත්, පැවසේ.

කෙසේවුවද ඇය සිය පෙම්වතා සමඟ විරසකවූ වහාම සිදු කරනු ලබන්නේ පච්ච ලේසර් කිරණ ආධාරයෙන් මකා දමන රූපලාවන්‍ය ආයතනයකට ගොස් එය ඉවත් කිරීම බවද වාර්තා වේ.

සිය සහෝදරියගේ බලපෑම මත මෝස්තර නිරූපන ක්‍ෂෙත‍්‍රයට එක්වී ඇති රොසෙල් මුළින්ම පෙනී සිට ඇත්තේ'කී‍්‍රම් සෝඩා’ වෙළෙඳ දැන්වීමක් සඳහාය.

රොසෙල් එම වෙළෙඳ දැන්වීම සඳහා පෙනී සිටින විට ඇගේ වයස අවුරුදු 15 ක් බවද පැවසේ.

කොල්ලූපිටියේ ශාගඅන්තොනි කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලද ඇය, වසර 1999 දී ශී‍්‍ර ලංකා රූ රැජින ලෙස විශ්ව රූ රැජින හා ආසියා ෆැසිපික් කලාපයේ රූ රැජින යන තරග සඳහා සහභාගි වූවාය.

මීට අමතරව මෑතකදී රූපලාවන්‍ය පාඨ මාලාවක්ද හදාරා ඇති ඇය තමාගේම රූපලාවන්‍ය නිවසක් තැනීමට සිහින පුරමින් සිටින බවද පැවසේ.