Tuesday, June 07, 2011

චන්න චයිත්‍රා තරහා වෙලා

චන්න පෙරේරා කුළුඳුලෙන් රිදී තිරයට හඳුන්වා දුන් අලූත්ම තරුව වන චයිත‍්‍රා චන්ද්‍රනාත් පසුගිය සිකුරුදා (03) හදිස්සියේම නැවතත් සිය මවුබිමට (ඉන්දියාවට) ගොස් ඇතැයි වාර්තා වේ.

චයිත‍්‍රා මෙලෙස හදිස්සියේ ඉන්දියාවට ගොස් ඇත්තේ චන්න සමග අමනාප වී බවද පැවසේ.

මොවුන්ගේ අමනාපයට මුල් වී ඇත්තේ මුදල් ගණුදෙණුවක් බවද වාර්තා වේ.

චයිත‍්‍රාව යොදාගනිමින් චන්න නිපදවූ'මිරිගු යාත‍්‍රා’ චිත‍්‍රපටය සඳහා චන්න චයිත‍්‍රාට රුපියල් ලක්‍ෂ දහයක් ලබදීමට පොරොන්දු වී තිබේ.

චන්න විසින් චයිත‍්‍රාට ලබාදීමට සොයාගත් මුදල ලබාගෙන ඇත්තේ නේචර් සීක‍්‍රට් ආයතනයෙන් වන අතර, චන්න එම මුදල ලබා ගැනීමේදී මෙම මුදල වෙනුවෙන් නේචර් සීක‍්‍රට් ආයතනයේ වෙළෙඳ දැන්වීමකට චන්නගේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය වන චයිත‍්‍රාව නොමිලේ ලබාදීමට එකඟ වී තිබේ.

කෙසේවුවද අදාළ සිද්ධිය නොදත් චයිත‍්‍රා'මිරිගු යාත‍්‍රහි’ රූපගත කිරීම් අවසන්වීමෙන් පසුව යළිත් සිය මවුබිමට යාමට චන්නගෙන් විමසා ඇති අතර, චන්න පවසා ඇත්තේ තවත් වෙළෙඳ දැන්වීමක නිරූපණ කටයුතු ඇති බවය.

එවැන්නක් තමාගේ ගිවිසුමේ නැතැයි චයිත‍්‍රා පවසා තිබේ.

පසුව චන්න පවසා ඇත්තේ චයිත‍්‍රා එම වෙළෙඳ දැන්වීම වෙනුවෙන් පෙනී සිටින්නේ නම් තමා තවත් රුපියල් ලක්‍ෂයක් ලබාදෙන බවය.

චයිත‍්‍රා ඊට එකඟවුවද මව ඊට එකග නොවීම නිසා චයිත‍්‍රා හදිසියේම සිය මවුබිමට ගොස් ඇත.

චයිත‍්‍රා චන්න පෙරේරාගේ අලූත්ම සිනමා නිර්මාණය වූ'කල්පාන්තේ සිහිනයක්’ චිත‍්‍රපටයට නිළියක ලෙස එක්වූයේ බැංගලෝරයේදී උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදීය.

චන්න විසින් චයිත‍්‍රා නිළියක ලෙස අභිෂේක කිරීමත් සමග කණ්ණඩ චිත‍්‍රපට තුනක කතා නායිකාව වීමේ මහගු වරම ලැබී තිබේ.

චයිත‍්‍රා බැංගලෝරයේ කණ්ණඩ ජාතික පවුලක තරුණියකි.

තවමත් අවුරුදු 19 ක් වන චයිත‍්‍රාට තවත් සහෝදරියක සිටී.