Tuesday, June 14, 2011

පෙම්වතියට 'අක්කි' කියන පෙම්වතා

 

ජනපි‍්‍රය සිනමාල ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීට නැගී එන නළුවෙකු වන විශ්වනාත් කොඩිකාර ආමන්ත‍්‍රණය කරන්න 'අක්කි’ කියා බව වාර්තා වේ.

පබෝධා ඔහුට මල්ලි කියන බවද පැවසේ.

කෙසේවුවද ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ මොවුන් අතර හාදකමක් ඇති බවය.

පසුගිය කාලයේදී මෙම රාවය ලැව් ගින්නක් සේ පැතිර ගිය අතරල පබෝධා මෙන්ම විශ්වනාත් ද එවැනි හාදකමක් නැතැයි මාධ්‍යට පවසා තිබිණි.

විශ්වනාත් මාධ්‍යට පැවසුවේල පබෝධා තමාට වැඩිමහල් සහෝදරියක් බවය.

එසේම පබෝධාද විශ්වනාත් මල්ලි කෙනෙක් බව පවසා තිබිණි.

කෙසේවවුදල මොවුන් දෙදෙනා පසුගිය දිනක වැල්ලවත්තේ පිහිටි සිනමා ශාලාවකදී තෝර් (THOR) චිත‍්‍රපටය එක්ව නැරඹූ බව ද වාර්තා විය.

පබෝධාගේ මව ද දක්ෂ නිළියක් වන අතර, ඇය රූගත කිරීම් සඳහා සහභාගිවීමට නිවසින් පිටව ගිය විට පබෝධා සිය පෙම්වතා හමුවීමට නිවසින් බැහැරව යන බවද හෙළිවී තිබිණි.

මීට පෙර රොෂාන් පිලපිටිය, අරවින්ද ලොකුගේ හා කි‍්‍රකට් කී‍්‍රඩක ගිහාන් රූපසිංහ සමග ද පබෝධාගේ සමීප සම්බන්ධකම් තිබූ බව පැවසේ.

පබෝධා ඉකුත් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී දක්ෂතම නිළිය ලෙස ද සම්මානයට පාත‍්‍ර වූවාය.

විශ්වනාත් පේ‍්‍රක්ෂකයන් අතර ජනප‍්‍රියත්වයට පත්වූයේ පබළු ටෙලි නාට්‍යයය 'හසරැල්’ ගේ චරිතයට හරහාය.

ඔහු  පබළු ටෙලියේ රඟපෑමට පෙර ඔහුගේ පියා විසින් නිෂ්පාදනය කළ (පද්මසිරි කොඩිකාර) සදාදර ජෝති චිත‍්‍රපටයේ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලගේ චරිතයට පණ පෙවීය.

මීට අමතරව, විශ්ව රඟපෑ අලූත්ම චිත‍්‍රපටය වන‘බෝම්බ සහ රෝස’ මේ වසරේදි තරගවීමට නියමිත බවද පැවසේ.

විශ්වගේ රංගන ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා බවත්, ඔහු 2007 සිට 2010 දක්වා මහේන්ද්‍ර යටතේ රංගනය හැදෑරූ බවත් වාර්තා වේ.