Tuesday, June 14, 2011

පොසොන් පොහොය දා (15) පුර්ණ චන්ද්‍රග්‍රහණයක්

 

එළඹෙන පොසොන් පොහොය දා (15) පුර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිවත පවතියි.මෙම පුර්ණ චන්ද්‍ර ග්‍රහණයේ විශේෂත්වය වන්නේ චන්ද්‍රයා පෘතුවි සෙවනැල්ලේ කේන්ද්‍රය පසුබිම් කරගෙන ගමන් කිරීමට නියමිත වීමයි.

මෙවැනි පුර්ණ චන්ද්‍රග්‍රහණයක් මෙයට පෙර දිස් වුයේ 2000 වසරේ ජුලි 16 දින වන අතර මෙම වසරේ දී වීමෙන් අනතුරුව නැවත දිස්වීමට නියමිතව ඇත්තේ 2018 ජුලි 18 වන දිනය.

15 වැනිදා රාත්‍රි 10.54 ට ආරම්භ වී පසුදින (16) පෙරවරු 4.30 දක්‌වා පවතින අතර එහි උපරිම ග්‍රහණය 16 වැනි දින උදෑසන 1.12 ට සිදුවේ.

2011 වසරේ දිස්වීමට නියමිත පුර්ණ චන්ද්‍රග්‍රහණ ගණන දෙකක් වන අතර ඉන් පළමු වන්න මෙය වේ.දෙවැන්න එළඹෙන දෙසැම්බර් 10 වන දින සිදුවීමට නියමිතයි.