Tuesday, June 14, 2011

ලංකාවත් ඉන්දියාවත් අතර මගී නැව් සේවය ඇරඹේ

ලංකාවත් ඉන්දියාවත් අතර මගී නෞකා සේවය ඊයේ සිට ආරම්භවී තිබෙනවා.
ඒ අනුව ඊයේ සවස ඉන්දියාවේ තූත්තිකුඩි වරායේ සිට ඇරඹූ ප‍්‍රථම ගමන නිමා කරමින් අද උදෑසන කොළඹ වරායට ස්කොටියා ප‍්‍රින්ස් මගී නෞකාව පැමිණියා.
මේ ගමනට පැය 12ක් ගතවන බවත් එකවර මගීන් දහසක් ප‍්‍රවාහනය කළ හැකි බවත් වාර්තා වනවා. අදින් පසු සෑම සතියකටම දෙවරක් ලංකාවත් ඉන්දියාවත් අතර මෙම නැවේ ගමන් වාර පවත්වනු ඇති.
මෙම ප‍්‍රවාහන සේවය පවත්වා යන්නේ ස්කොටියා ප‍්‍රින්ස් නම් යුරෝපයේ ප‍්‍රකට මගී නෞකා සමාගමයි.