Monday, June 06, 2011

කුඹුක ගම බය කල යක්ෂයෙක් නිසා ගම්වාසීන් නිවෙස් හැර යයි

මොණරාගල කුඹුක ගමේ අමනුස්ස බියක් පැතිරයාමෙන් මේ වන විට ප‍්‍රදේශවාසීන් බියට පත්ව නිවෙස් අතැරයාමේ තත්වයක් උදාවී තිබෙනවා.
මෙම අමනුස්ස බිය හැටියට ගම්මු දක්වන්නේ, මිය ගිය ප‍්‍රාණකාරයෙකු ගම්වැසියන්ගේ ශරීර තුළට ඇතුලූවී ඔවුන්ව කෑ ගස්සමින් බෙලි කපන්නට ලේ උරාබොන්නට උත්සාහ කරවමින් යක්ෂාවේශයට පත් කිරීමකි.


මෙම යක්ෂාවේශය ඇතිවූ ගම්වැසියන් 11 දෙනෙකු පමණ මේ වනවිට සොයාගෙන තිබෙනවා.
ලියුකේමියා රෝගය නිසා මිය ගිය පුද්ගලයෙකුගේ හත්දවසේ දානමය පින්කමෙන් පසුව මේ යක්ෂාරූඩවීම පළමුවරට මළගෙදර සිටි තැනැත්තියකට ඇතිව තිබූ අතර ඇගෙන් පසු නිවසේ තවත් කිහිප දෙනෙකුටත් එම නිවසට ආ ගම් වැසියන් රැසකටත් මේ අස්වාභාවික තත්වය හටගෙන තිබෙනවා.
ආරූඪවීම නිසා ඔවුන් අසලට යාමටවත් ගම්වැසියන් බියක් දක්වන අතර ඥාතීන් සිදු කරනුයේ ඔවුන්ගේ ආරූඪය නවතිනතුරු අල්ලාගෙන සිටීමය.
සතියක් තිස්සේම කතාකරගන්නට නොහැකිව ආරූඪවී සිටි කාන්තාවකද මේ අතර සිටිනවා.
මේ අතර කුඹුක ප‍්‍රදේශ වාසීන් පසුගිය දින කිහිපය පුරා රාත‍්‍රි කාලයට බලි තොවිල් සංවිධානය කර මේ දෝෂය මගහරින්නට උත්සාහ දරා තිබේ.
මේ පිළිබඳ අදහස් පළකරන මනෝවෛද්‍ය විශේෂඥයින් මෙය මාස්හිස්ටීරියා නම් රෝගි තත්වය බවත් මේ සඳහා කළයුත්තේ රෝහලට ගොස් බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම බවත්ය.


මෙම සිද්ධිය පිළිබඳ ස්වර්ණවාහිනී වාර්තාවේ වීඩියෝව බලන්න