Wednesday, June 29, 2011

එරංග ගේ ස්වීට් එන්ජල් ඉන්දියන්ද

එරංග සේනාරත්නගේ ‘ස්වීට් ඒන්ජල්’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය බවට පත්ව ඇත්තේ දීපා චන්දි බව මේ  වන විට ප‍්‍රසිද්ධ රහසකි.

ඉන්දියාවෙන් නිළියන් ආනයනය කර චිත‍්‍රපට සෑදීම මෙ දිනවල සිංහල සිනමාවට මෝස්තරයක් බවට පත්ව ඇති බැවින් චනිදි ද  පූජා සහ චයිත‍්‍රා මෙන්ම ඉන්දියාවෙන් ආනයන කළ නිළියක් බවට පසුගිය දිනවල මාධ්‍යයෙන් විශාල ජනපි‍්‍රයත්වයක් ලබා දී තිබිනි.


දීපා චන්දිගේ මුල් නම චන්දි පෙරේරාය.


ඇය මුලින්ම ලාංකේය පේ‍්‍රක්‍ෂකයන් හමුවේ සිය රංගනය ඉදිරිපත් කරනු ලැබුවේ 2006 වසරේදී චාලුක ජයසිංහ අධ්‍යක්‍ෂණය කළ දෙවැනි වරම ටෙලි නාට්‍යයේය.


ඇය 2008 වසරේදී සිසිල් ෆොන්සේකා අධ්‍යක්‍ෂණය කළ පරම්පරා ටෙලි නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක වූවාය.


එසේම ඇය 2008 වසරේදී චාලුක විසින් අධ්‍යක්‍ෂණය කළ පමාවී ආ වාසනාව ටෙලි නාට්‍ය සඳහාද රංගනයෙන් දායක වූවාය.


ස්වීට් ඒන්ජල් ලබන ජූලි 8 වනදා සිට ලංකාවේ තිරගතවීමට නියමිතයි.