Wednesday, June 29, 2011

මේ දින වල අක්‍ෂි වෛරසයක්




දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක අක්‍ෂි වෛරස් රෝගයක් පැතිර යන බව ජාතික අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසීය.

ඇස් රතුවීම, ඉදිමීම, කඳුළු හෙළීම හා ඉර එළිය දෙස බැලීමට නොහැකිවීම මෙම රෝගයේ රෝග ලක්‍ෂණ බවද 

ඒ මහතා කීය.

මෙය වෛරසයක් මගින් බෝවන බවත්, පැවසූ ලියනගේ මහතා දින තුනකට වඩා ඇස් රෝගයක් තිබේ නම් වෛද්‍යවරයෙකු හමුවී ප‍්‍රතිකාර ලබා ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.