Wednesday, June 22, 2011

දෙවන විවාහයේ සැමියාගෙන් වෙඩි කා පිහි ඇනුම් කා බිරිය මරුට

ගල්ගමුව ඇබෝගම වයස අවු 39 ක එක් දරු මවක් තම දෙවන විවාහයේ සැමියා විසින් වෙඩි තබා පිහියෙන් ඇණ මරා දමා තිබෙනවා මෙසේ මිය ගොස් ඇත්තේ චන්ද්‍රකාන්ති නැමැති කාන්තාවක් සිද්ධිය සමිබන්ධයෙන් මේ වන විට දෙවන සැමියා වන සෝම තිලක වාසල නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇත පවුල් ආරවුලක් සමිබන්ධයෙන් මෙකී සැමියාට විරුද්ධව පණවා ඇති පැමිණිල්ලක් විභාගයට ගත කිරීමට ගල්ගමුව පොලීසියට ඇය යන අවස්ථාවේ බස් රථයට ගොඩවෙන්නට පෙර ඇද දමා වෙඩි තබා පිහියෙන් ඇණ මේ ඝාතනය සිදු කොට තිබෙනවා  මේ සියල්ල සිදුව ඇත්තේ ඇගේ මුල් විවාහයේ 7 හැවිරිදි දරුවා ඉදිරිපිට වීම ඛේදජනකය අනතුරුව වස පානය කොට ඇති සැකකරු ගල්ගමුව මූලික රෝහලට ඇතුල් කර තිබෙනවා  ඔහු අසාධ්‍ය බවින් රගපෑ බවත් කිසිවක් ප්‍රකාශ නොකල බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් සෞඛ්‍ය නිලධාරීන් පවසා තිබෙනවා සිද්ධියේ සේයාරූ බලන්න