Thursday, June 23, 2011

අයිෂ්වර්යා රායිට දරු සම්පතක්


බොලිවුඩයේ වත්මන් නිළි රැජිණ ලෙස සැලකෙන අයිෂ්වර්යා රායි මවක වීමට සූදානම් වන බව අද ඉන්දියානු මාධ්‍ය කැළඹවූ ප්‍රවෘත්තියක් බවට පත්වුණා.
මේ ආරංචිය හෙළිදරව් කෙරුනේ අයිෂ්වරියාගේ මාමණ්ඩිය වන අමිතාබ් බච්චන් සිය පුද්ගලික තොරතුරු රසිකයින් සමග හුවමාරු කරගන්න ට්විටර් පිටුව තුළිනි. එහි  අමිතාබ් පළකළ සටහනක දැක්වුනේ, 

" NEWS NEWS NEWS !! I AM GOING TO BECOME A GRANDFATHER .. AISHWARYA EXPECTING .. SO HAPPY AND THRILLED !!! "

ප්‍රවෘත්තියක් ප්‍රවෘත්තියක් මං සීයා කෙනෙක් වෙන්නයි යන්නෙ..අයිෂ්වර්යා දැන් දරුවෙක් අපේක්ෂාවෙන්....මට හරිම සතුටුයි...යනුවෙනි.

හින්දි නළු අභිෂේක් බච්චන් සමග විවාහ වී සිටින අයිෂ්වර්යා රායිට දරුවකු ලැඛෙන්නට සිටින බවට මින් ඉහත විවිධ කටකතා ප්‍රචාරය වී තිබුණද ඒ සියල්ල බොරු බවට අයිෂ්වර්යා ප්‍රතික්ෂේප කර තිබූ අතර මෙවර එම කතාව ඇත්තක්වී තිඛෙනවා.