Friday, June 24, 2011

රන්ජන් නඩුවේ පැමිණිලිකරු ඇවිත් නෑ

රුපියල් දස ලක්ෂයක් වංචා කළ බවට එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රි චිත‍්‍රපට නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව ජුනි 23 දිනයේ දී විභාගයට ගැනුනු අතර, මෙම නඩුවේ පැමිණිලිකාරිය වන නාමලී විජේරත්න නඩු විභාගයට පැමිණ නොසිටියාය.

කටුගස්තොට ගුරුවරියක් වන ඇය අසනීප වී ඇති බව අගේ නීතිඥවරුන් උසාවියට දන්වා සිටියේය.

මීළඟ දිනයේ ඇය නොපැමිණියහොත් රන්ජන් රාමනායක චෝදනාවෙන් නිදහස් කරන බව අතිරේක මහේස්ත‍්‍රාත් චන්න සාලිය අබේරත්න මහතා ප‍්‍රකාශ කෙළේය.

බොරු පැමිණිල්ලක් කරමින් රන්ජන් රාමනායක මහතාට අපහස කළේයැයි යන චෝදනා මත මෙම කාන්තාවගෙන් රුපියල් මිලියන 500 ක මුදලක් ඉල්ලා රාමනායක මහතා විසින් මහනුවර දිසා අධිකරණයේදී නඩුවක් පවරා තිබේ.