Friday, June 24, 2011

නැනෝට ත්‍රි වීල් ඇණයක් වෙලා

ත්‍රිරෝද රථ හිමියන් කොළඹ හයිඩ් පිටිය වටකර විරෝධතා දැක්වූයේ නැනෝ කැබ් සේවය ලංකාවේ ස්ථාපිත කර තමන්ට 'බඩේ පාර' නොවද්දන ලෙසය.

ලෝකයේ ලාභම මෝටර් රථය ලෙස ප්‍රකට ඉන්දියාවේ ටාටා නැනෝ මෙරටට ගෙන්වන්නට මින් මාස කිහිපයකට සිට සූදානම් වෙද්දීම ඉන්ධන හොඳට වැඩ කිරීමත් ඒසී තිබීමත් මිල අධික කැබ් කාර් සේවාවන්ට වඩා අඩු මිලට ගාස්තු අයකළ හැකි වීමත් නිසා නැනෝ කැබ් සේවාඅරඹන්නට මෙරට ව්‍යාපාරිකයින් උනන්දු විය. මේ වනවිට වාහන 45ක් යොදා නැනෝ ටැක්සි සේවාවක් කොළඹ ආරම්භ කර ඇත.එය මේ වසර අග වන විට වාහන 200 දක්වා වර්ධනය කරන බවද එම සමාගම කියයි.

ත්‍රී රෝද රථ හිමියන් බය වූයේ මේ නිසාය.

වසර ගණනාවක් තිස්සේ ත්‍රිරෝද රථ එළවන රියදුරන්ට පසුගිය කාලයේ මීටර් ටැක්සි නිසා බඩේ පාර වැදුණ අතර ඒ වෙනුවෙන්ද විරෝධතා දැක්වීමට ඔවුන් කටයුතු කර තිබුණා. නමුත් බොහෝ දෙනා එය විවේචනය කළේ අසාධාරණ ලෙස හම්බ කිරීමට බැරිවූ නිසා සාධාරණ ක්‍රමයට විරුද්ධ වූ බව කියමිනි.මෙවර ඔවුන් නැනෝ ටැක්සි සමාගම් වලට එරෙහිවී සිටී.

කෙසේ වෙතත් ලංකාවේ වෙළෙඳ පොළේ නැනෝ රථ මිලට ගත හැකි වන්නේ ත්‍රිරෝද රථයක මිල මෙන් තුන් ගුණයකට වැඩි මිලක්   (නම ලක්ෂ විසිපන්දහසක්) දීමෙනි.