Thursday, June 23, 2011

මින්නේරියේ ලක්ෂ දෙකකට දිවියෙක් මරයි


පසුගියදා මින්නේරිය ගිරිතලේ රක්ෂිතයේදී මස් පිණිස දිවියෙකු මැරූ පුද්ගලයින් දෙදෙනෙකු වනජීවී නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වුණා. සංචාරක හෝටලයක් මේ දිවියා මරා ගෙන දුන්නොත් රුපියල් ලක්ෂ දෙකක් ලබා දෙන බවට පොරොන්දුවූ බව මෙකී පුද්ගලයින් පාපොච්චාරණය කර තිබුණා.
මෙසේ මරා දමා තිබුනේ අඩි 7 ක් පමණ දිග විශාල දිවියෙකු වූ අතර ඌ සිටි ඉසව්වේ කාලයක් තිස්සේ රැකවල් කොට වෙඩි තැබීමෙන් මරණය සිදු කර තිබුණ බවත් මේ සඳහා තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුගේම සහය ලැබුණ බවත් වාර්තා වුණා.
දුර්ලභ වනජීවීන් මරා දැමීමේ වරද විභාග කිරීමට මෙම සැකකරුවන් දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කෙරුණා.