Saturday, July 02, 2011

සාලිය රංජන් වලියක

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන ඩාන්ස් ස්ටාර් ඩාන්ස් සම්බන්ධ දැන්වීමක දැක්වෙන්නේ රන්ජන් හා සාලිය අතර ගැටුමක් ඇති වී රන්ජන් සාලියට පහර දීම සඳහා වේදිකාවට දිව යන ආකාරයයි.එය (02) දිනයේදී විකාශය වීමට නියමිත බවත් එම දැන්වීමේ සඳහන් වනවා.


සාලිය සහ රන්ජන් අතර සැබෑවටම ගැටුමක් ඇතිවුනේ පසුගිය මැයි මාසයේ 29 වන දින විකාශය වූ වැඩසටහනේදීය.


එහිදී අවම එස්.එම්.එස් ප්‍රමාණයක් ලබාගෙන අක්ෂා සුදාරි ද වේදිකාවේ සිටි අතර විනිශ්ච කරුවන් ගැන අදහස් දක්වද්දී සාලියද රන්ජන්ට එරෙහ්ව කරුණු දැක්වීමට පටන්ගෙන ඇත.


එහිදී කෝපයට පත් රන්ජන් වේදිකාවේ සිටින සාලියට පහරදීමට දුවගෙන යයි.


නමුත් 29 වනදා විකාශය වූ වැඩසටහනෙන් එම දර්ශන ඉවත්කොට ගැටුමේ සලකුණක්වත් නැති ආකාරයට සංස්කරණය කොට දර්ශනය කළේය.


තවත් රඟපෑමක් ?


මේ අතර ස්වර්ණවාහිනී නිල නොවන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සාලිය හට සති දෙකක පමණ කාලයක් ඔහුගේ පෞද්ගලික කටයුත්තක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිත බැවින් ඉදිරියේදී වැඩසටහන මෙහෙයවීමට වෙනත් කෙනෙකු ගෙන ඒමේ ප්‍රවේශයක් ලෙස මෙය රූගත කල බවයි.



Source :-Gossip9