Monday, July 04, 2011

සුරංගීගේ විවාහය



 රූපවාහිනී නිවේදිකාවක වන සුරංගි කොඩිතුවක්කු පසුගිය සතියේ දෙවන වරටත් විවාහ දිවියට පිවිසුණා.ඇගේ අතගත් මනාලයා වූයේ සූපවේදියෙකු වන සම්පත්ය.
ඇගේ විවාහ උත්සවයේ ඇමති මර්වින් සිල්වාද ආරාධිතයෙකු ලෙස එක්ව සිටියා.

ඇගේ නව විවාහ දිවිය පිළිබඳ මෙවර සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයට ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාවෙන් උපුටාගත් කොටසක් පහත පරිදිය.

සුරංගි ඔබ අලුත් ජීවිතයක් පටන් ගන්න හිතුවේ ඇයි?
ඔව්. පසුගිය සතියේ මම නැවත විවාහ වුණා. මම කලින් විවාහ වී සිටි කෙනෙක්. යම් යම් හේතු නිසා ඒ විවාහයෙන් වෙන් වෙන්න මම තීරණය කළා. ඒ සිදුවීමට දැන් ටික කලක් ගත වෙනවා. ඒ කාලයේ දී තමයි මට සම්පත් හමුවුණේ. ඔහු කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සූපවේදියෙක් හැටියට සේවය කරනවා. ඒ වගේම ඔහු පෞද්ගලිකව ආපන ශාලාවක් පවත්වාගෙන යනවා.

ඔබට ඔහු මුණ ගැසුණේ කොහොමද?
ඔහු මට මුණ ගැසුණේ එක්තරා උත්සවයකදී. කලින් විවාහයෙන් වෙන් වුණාට පසුව නැවත විවාහ වෙන්න ඕනෙ කියලා කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. සම්පත් මුණ ගැසුනට පසුව මගෙ ඒ අදහස වෙනස් වුණා. ටික දවසක් ආශ්‍රය කරන විට මට හිතුණ ඔහු හොඳ කෙනෙක් කියල. ඒ වගේ ම මේ සමාජයේ ගැහැනියකට තනිවම ජීවත් වෙන්න අමාරුයි. මේ හේතු නිසයි මම නැවත විවාහ වෙන්න තීරණය කළේ.

ඇයි ඔබ ඔහුට කැමැති වුණේ.
සම්පත් කලක් හිටියෙ කැනඩාවෙ. එයාට ලෝකය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනව. ඔහු ඉතා අවංක අනුන්ගේ දේවල් නොසොයනා කෙනෙක්. ඒ නිසයි මම ඔහුට කැමැති වුණේ.