Tuesday, July 05, 2011

ගුවන් හමුදා ප්‍රහාරයකින් මහනුවර රග්බි පිටියේ ජංජාලයක්


3 වෙනිදා මහනුවර නිත්තවෙලදී පැවති රග්බි තරගයකදී ගුටි බැට හුවමාරුවක් ඇතිවී අනතුරුව වෙඩි තැබීම් මැද්දේ තරගය අතරමග නතර කරන්නට සිදු වුණා.
මේ ජංජාලය සිදු වුනේ ගුවන් හමුදාව සහ මහනුවර ක්‍රීඩා සමාජ පිල අතර පැවැති තරගයකදීය.
ගුවන් හමුදා භට පිරිසකගේ පොලූ ප්‍රහාරයකට ලක්වූ 20 දෙනෙක් පමණ මෙහිදී තුවාල ලැබුවා. ගුවන් හමුදා භටයකු ටී¡56 ගිනි අවියකින් අහසට වෙඩි තැබීමත් සමඟ රග්බි පිටිය පැය බාගයක් පුරා යුද පිටියක් බවට හැරුණා.ගැටුම සංසිඳවූයේ අතිරේක පොලිස් බලඇනි කැඳවීමෙන් බව පසුව වාර්තා වුණා.
මෙම ජංජාලයේ  වීඩියෝ දර්ශන පහත පරිදිය




Source:GossipLankaNews