Wednesday, July 06, 2011

මෙත්සිරි තනතුරෙන් ඉවතට

ගාල්ල නගරාධිපති මෙත්සිරිසිල්වා මහතා එම ධුරයෙන් ඉවත්කර තිබේ.

දකුණු
පළාත් මහ ඇමති ශාන් විජේලාල්සිල්වා මහතා විසින් මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර, එම ධුරයේ වැඩ බැලීම සඳහා නියෝජ්‍ය නගාරාධිපති මොහොමඞ් ෆවුසල් නියාස් මහතා පත්කර ඇත. වංචා හා දූෂණ සිදුකළ බවට ගාල්ල නගරාධිපතිවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මීට පෙර දන්වා තිබූ අතර, ඊට නගරාධිපතිවරයා ප‍්‍රතිචාර නොදැක්වීම මෙම ඉවත් කිරීමට හේතුව බව පැවසේ.

දකුණු
පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ගාල්ල නගරාධිපතිවරයාගේ ධූරයේ කටයුතු අත්හිටුවා ඇත.