Sunday, July 10, 2011

හැරී පොටර් අවසන් චිත‍්‍රපටියත් තිරගත වේ

ලොව පුරා රසික රසිකාවියන් අතර අති ඉතා ජනප‍්‍රියත්වයට පත් සුප‍්‍රකට හැරී පොටර් චිත‍්‍රපට මාලාවේ අවසන් චිත‍්‍රපටයේ මංගල දර්ශනය ජුලි 07 ලන්ඩනයේ දී පැවැත්විණි.

'හැරී ඇන්ඞ් ද ඩෙත්ලි හැලොව්ස් 'යන මෙම චිත‍්‍රපටිය මෙම සිනමා මාලාවේ අටවන චිත‍්‍රපටයයි.

මෙම අවස්ථාව සඳහා දස වසරක් පුරා මෙම සිනමා මාලාවට රංගනයෙන් දායක වූ නළු නිළියන් හා හැරී පොටර් කෘති පෙලේ කතෘ ජේ කේ රෝලින් සහභාගී වූ අතර, එම අවස්ථාව ඔවුන්ටද ඉතා හැඟීම්බර වූ බවද වාර්තා වේ.

මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ලොව පුරා සිටින හැරී පොටර් රසිකරසිකාවියන් පසුගිය සඳුදා සිට ලන්ඩනයේ ට‍්‍රැෆල්ගා චතුරස‍්‍රය වෙත පැමිණ ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වන විට හැරී පොටර් සිනමා මාලාව පවුම් බිලියන 4කට වඩා ආදායම් ලබා ඇත.